-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දුරකථනය මගින් තර්ජනය කරමින් සිරගෙදර සිට බැංකු ගිණුමට මුදල් තැන්පත් කරවා ගන්නා මුදල් කොල්ලකෑමේ ක‍්‍රමයක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
මරණ තර්ජනය හමුවේ කොල්ලකෑමට භාජනය වන පුද්ගලයා මුදල් තැන්පත් කළ ගිණුම් හිමියාගේ නිවසට ගොස් එම මුදල් මෙම අපරාධකරුවන්ගේ හිතවතුන් පසුව ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි.
සිරගෙදර සිටින අපරාධකරුවන්ට පහසුවෙන් ගොදුරු බවට පත් කරගත හැකි පුද්ගලයන්ගේ දුරකථන අංක ලබාදීම මගින් මෙය ක‍්‍රියාත්මක කෙරෙන අතර ඔවුන් අමතා තමන්ට ලැබීමට තිබෙන මුදලක් ගෙන්වා ගැනීමට තමා සතු බැංකු ගිණුමක් නොමැති හෙයින් ඔවුන්ගේ ගිණුම තුළ එම මුදල් තැන්පත් කිරීමට අපරාධකරුවෝ අවසර පතති.
පසුව එම ගිණුමේ මුදල් තැන්පත් කළ බවට මුදල් කොල්ලයට ගොදුරු වූ පිරිස දැක්වූ පසු සිරගෙදර සිටින එම අපරාධකරුවන්ගේ හිතවතුන් ගිණුම් හිමියාගේ නිවසට ගොස් ගිණුමේ තැන්පත් කළ මුදල ලබාගනී.
එහිදී යම් හෙයකින් කොල්ලකෑමට ලක්වූ පුද්ගලයා නීතියේ පිහිට පැතීමට යොමු වුවහොත් පොලීසියට ගොදුරු වන්නේ මුදල් තැන්පත් කළ බැංකු ගිණුමේ හිමිකරුය.
මේ නිසා දුරකථන ඇමතුම් මගින් කරන ඉල්ලීම්වලට රැවටී තම බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කිරීමට බාහිර පුද්ගලයන්ට ඉඩ ලබානොදෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week