මොරගල්ල මුහුද ප්‍රදේශයේදී ඊයේ (29 දා) ධීවරයන්ගේ මාළු දැලකට පැටලී සොයාගත් ගුවන් යානයේ කොටස් ඇමරිකාවේ නිෂ්පාදිත ගුවන් යානයක දොරක කොටස් බවට විශ්වාස කෙරේ.
මෙම ගුවන් යානයේ කොටස් ඊයේ (29 දා) අලුත්ගම පොලිසියට ගෙන ඒමෙන් අනතුරුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ බළඝන නිලධාරියකු ඇතුළු තිදෙනෙක් එම කොටස් පරීක්‍ෂාවට ලක් කළහ.
එම පරීක්‍ෂණවලදී AN/210/6/1 යන අංකයක් එම කොටස්‌වල තිබූ බව පරීක්‍ෂණ කණ්‌ඩායම සඳහන් කරයි.
මෙම ගුවන් යානයේ කොටස් වැඩිදුර පරීක්‍ෂණය සඳහා ඊයේ (29 දා) රාත්‍රියේ රත්මලාන ගුවන් හමුදා කඳවුරට රැගෙන ගිය බවත් ඒ පිළිබඳ වාර්තාවක් ගුවන් හමුදාව විසින් කඩිනමින් ඉදිරිපත් කරනු ඇති බවත් අලුත්ගම පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පී. ආර්. විඡේකෝන් මහතා සඳහන් කළේය.
මාළු දැලක පැටලුණේ ඇමරිකානු ගුවන් යානයක කොටසක්?
2014-05-30T10:24:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|