-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාගේ දියණියන් දෙදෙනා ගමන්කළ මෝටර් රිය පසුපස පන්නාගෙන පැමිණි බව කියන මෝටර් රථයක රියදුරු රහස්‌ සේවා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම රියදුරා සතුව ඇමරිකානු භාණ්‌ඩාගාර මූලස්‌ථානය වෙත ඇතුළු විය හැකි බලපත්‍රයක්‌ද තිබූ බව හෙළිවී තිබේ.

එම භාණ්‌ඩාගාර මූලස්‌ථානය ධවල මන්දිරය අසල පිහිටා ඇත.


පාෂා සහ මලිෂා නමැති ඔබාමාගේ දූවරුන් දෙදෙනා ගමන් කළ රථය පසුපස මෝටර් රියක්‌ පදවාගෙන පැමිණි තැනැත්තා මැතිව් ගෝල්ඩ්ස්‌මිත් නමැත්තෙකි. 

ඔහු ඇමරිකානු ආදායම් දෙපාර්තමේන්තු නිලධාරියෙකි.

ඇමරිකානු රහස්‌ සේවා ප්‍රකාශකයකු පවසන අන්දමට මෙම පුද්ගලයා ධවල මන්දිරයේ පිවිසුම් දොරටුවට ඔබ්බෙන් පිහිටි පෙන්සිල්වේනියාහි 17 වැනි මාවතේ පිහිටි ආරක්‌ෂක මුරකපොල්ලද ඉක්‌මවා මීටර් 50 ක පමණ දුරක්‌ ගෙවා යමින් සිටියදී රහස්‌ සේවා නිලධාරීන් විසින් වහා ක්‍රියාත්මකව රථය නවතාගෙන තිබේ. 

මේ සමගින් පුද්ගලයන් ධවල මන්දිරය ඇතුළට සහ ඉන් එළියට යැම අවහිර කළ ආරක්‍ෂක අංශ එම රථයේ පුපුරන ද්‍රව්‍ය තිබේද යන්න පරීක්‌ෂා කර ඇති අතර පැයක පමණ පූර්ණ සෝදිසියකින් පසු ධවල මන්දිරය සහ ඒ අවට ප්‍රදේශය සුරක්‌ෂිත බව සනාථ කරගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos