ව්‍යාජ ගුවන් ප‍්‍රවේශ පත් මුද්‍රණය කර, ඒවා අලෙවි කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු හලාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. වාර්තාකරු පැවසුවේ පරිගණකයක් සහ මුද්‍රණ යන්ත‍්‍රයක් ද ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගැනුණු බවයි. හලාවත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් මූලික විමර්ශනවලින් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.