-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


දේශීය වෙළඳ පොළේ අලෙවි කරන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලා මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම තාවකාලිකව නතර කර තිබෙන බවත් එම කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීම සඳහා රජය කමිටුවක් පත්කර තිබෙන බවත් අනාවරණය වේ.
මේ අනුව, රජය දිගු කාලීනව බලාපොරොත්තු වන්නේ දේශීය වෙළඳ පොළ වෙනුවෙන් වාහන එකලස් කරන සමාගම් එම වාහන වෙනුවෙන් යම් අගය එකතු කිරීමක් මෙරටදී සිදුකිරීම සඳහා යොමු කිරීමටයි.
ඉන්දියාවේ මරුටි සමාගම මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කැමැත්ත පළකර තිබූ අතර ඒ වෙනුවෙන් රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබුණි.
රජයේ මෙම තීරණයත් සමග යම් හෙයකින් මරුටි සමාගමට වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කිරීමට අවස්ථාව හිමි වුවහොත් දේශීය වෙළඳ පොළට වාහන විකිණීමේදී ඒවා සඳහා දේශීයව අගය එකතු කිරීමක් කිරීමට සිදුවනු ඇත.
මේ වනවිට, මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් ලංකාව තුළ වාහන එකලස් කරන අතර එහි පළමු ස්ව්‍යංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව පසුගියදා පොල්ගහවෙල කර්මාන්ත පුරයේදී විවෘත කරන ලදී.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week