ඩුබායි සිට පැමිණි ගුවන් යානයක සිටි මගියෙක් ඉන්දීය ගුවන්තොටුපොළකදී සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බැස්ස වූ ගුවන් යානයක සිටි මගියෙක් එම යානය තුළදී ම දිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බව ය.
අදාළ පුද්ගලයා හයිද්‍රාබාද්හි පදිංචි අවුරුදු 30 – 35ත් අතර වයසක පසු වන්නෙකු බවට හඳුනාගෙන ඇතැයි, ගුවන්තොටුපෙළ බලධාරීන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.
ඩුබායි සිට පැමිණි ගුවන් යානයේ සිටි මෙම මගියා යානයේ වැසිකිළියට ගොස් තියුණු ආයුධයකින් ගෙල කපාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.
පසු ව ඔහු රෝහල්ගත කර තිබේ.
මෙම පුද්ගලයා සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කිරීමට හේතුව කුමක් ද යන්න අනාවරණය වී නොමැත.