-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ව්‍යාජව පිටපත් කළ මෘදුකාංග නිසා පරිගණකවලට හානි වීමේ වැඩි ඉඩකඩක් ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කරයි.
දකුණු සහ අග්නිදිග ආසියාව කේන්ද්‍ර කොට ගෙන 2013 වර්ෂයේදී සිදු කරන ලද විශේෂ අධ්‍යයනයකින් අනතුරුව මෙම නිගමනයට එළඹි බව ද එම සමාගම කියා සිටී.
නියමාකාරායෙන් මෘදුකාංග ස්ථාපිත කරන ලද පරිගණක මිලදී ගැනීමට පාරිභෝගිකයන් අවධානය යොමු කළ යුතු බව ද එම සමාගම අවධාරණය කරයි.
ගෝලීය වශයෙන් සිදුවන සයිබර් අපරාධවලට වැට බැඳීමට මයික්‍රොසොෆ්ට් සමාගම මෑතකදී ‘සයිබර් අපරාධ මධ්‍යස්ථානය’ක්ද ස්ථාපිත කර ඇතැයි ද පැවසේ.
එසේම  ක්ෂේත්‍රයේ සිටින ඉහළ පෙළේ විශේෂඥයන් මෙම මධ්‍යස්ථානය සමඟ එක්ව සයිබර් අපරාධ මැඬලීමට  ක්‍රියා කරන බව ද මයික්‍රොසොෆ්ට් සමාගම කියා සිටී.
මේ අතර, සයිබර් අවකාශය තුළ එල්ල වෙන මෙම තර්ජන සහ සයිබර් අපරාධ නිසා රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගතියට අහිතකර බලපෑමක් එල්ලවී ඇතැයි  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ නීති අධ්‍යක්ෂ ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
වසර 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ක්‍රියාත්මක කිරීම මේ සම්බන්ධයෙන් රජය ගත්  ප්‍රතිපත්තිමය තීරණ අතරින් ඉදිරියෙන් තිබෙන බවද  ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා පරිගනක හදිස්සි ප්‍රතිචාර අංශය (Sri Lanka Computer Emergency Readiness Team Coordination Centre (Sri Lanka CERT CC) කියා සිටින්නේ එක් මසකට පරිගනක අපරාධ 200ක් පමණ වාර්තාවන බවයි.
ඒවා සඳහා සයිබර් අපරාධ, බියවැද්දීම් හා හැකරුන්ගේ ක්‍රියාකාරකම් (hacking) ඇතුළත් බවද එම අංශය කියා සිටී.
එය ආරම්භයේදී ඊට වසරකටම ලැබුණේ පැමිණිලි  200ක් පමණ බවද සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos