මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වසර ගණනක් තිස්සේ සැඟවුණු මාෆියාවක් ක්‍රියාත්මක වන බව පොලිස් සමීක්ෂණයකදී හෙළිවී තිබේ.
මේ මාෆියාව 2011 වසරේ සිට තදබල ලෙස ක්‍රියාත්මක වන බව හෙළිවී ඇතැයි පොලිස් වංචා විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතා පවසයි.
එම දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර දෙන වාහන පොත් පිළිබඳ ජාවාරමේ BX 0016989 සිට BX 0017000 දක්වා වූ පොත් 11ක් කිසියම් පුද්ගලයන් සතුවේ නම් ඒවා නීත්‍යනුකූල ඒවා නොවන බැවින් එවැනි පොත් අංක ඇති රියැදුරකු හෝ වාහන හිමියකු වේනම් පොලිස් වංචා විමර්ශන අංශයට ඉදිරිපත් වන ලෙස පොලිස් වංචා විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා, එවැනි අංක සහිත වාහන පොත් හිමි පුද්ගලයන්ගෙන් ඉල්ලීමක්ද කරයි.
මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේද අවශේෂ පුද්ගලයන් සැරිසරන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
මෙහි ක්‍රියාත්මක මාෆියාව නිසා ඇතැම් නිලධාරීන් බියගන්වන අවස්ථාද තිබෙන බව හෙළිවී ඇතැයි ආනන්ද අල්විස් මහතා වැඩිදුරටත් පවසයි.