-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මගීන් 239දෙනකු සම`ග ගුවනේදී අතුරුදන්ව ඇති බෝයිං 777 ගුවන් යානයේ රේඩාර් සංඥ නිකුත් වෙමින් පවතින බව මලයාසියානු ගුවන් සේවා අධ්‍යක්ෂවරයා පවසයි.
යානය අතුරුදන්වීමට පෙර එය ආපසු හරවා එන්නට ඇති බවට දැන් දැන් සැකපළ කෙරෙන බව ඔහු පැවසූ බවට ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවය අනාවරණය කරයි.
මේ වනවිට යානයේ පර්යේෂණ කටයුතු එෆ්.බී.අයි. වෙත භාරදී තිබේ.
මගීන් 227ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනකු සමඟ ඊයේ දිනයේ දී ක්වාලාලාම්පූර් බලා පිටත්ව ගිය ගුවන් යානය බීජිං ගුවන් සීමාවේ දී ගොඩබිම ප‍්‍රධාන මෙහෙයුම් එ්කකය සමඟ සම්බන්ධතා බිඳවැටී අතුරුදන් වී තිබිණ.
එය වියට්නාම මුහුදේ වැටී ගිලී ඇතැයි ඊයේ රාත‍්‍රියේ ඉඟි පළවී තිබුණ ද එය සොයා මුහුදේ පරීක්ෂණ ආම්භ කිරීමට වියට්නාම, ඇමෙරිකා යුද නෞකා යොදවා තිබිණ.
නමුත් මේ වනවිට එය යළි පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව මලයාසියානු ගුවන් සේවා අධ්‍යක්ෂවරයා පවසා තිබේ.
කෙසේවෙතත් මෙම යානයේ ගොස් ඇති බවට සටහන් වූ මගීන් දෙදෙනකු ගොඩබිම සිටින බවට අනාවරණය වූ අතර ඔවුන්ගේ ගුවන් ගමන් බලපත් සොරකම් කොට වෙනත් පුද්ගලයන් දෙදෙනකු එම යානයේ ගමන් කර තිබෙන බවට ද තොරතුරු පළවිය.
බලපත් සොරකම් කොට යානයේ ගමන් ගත් දෙදෙනා ත‍්‍රස්තයන් බවට ද සැක පළකෙරිණ.
චීන සහ තායිවාන ජාතිකයන් 154ක්, මලයාසියානු ජාතිකයන් 38ක්, ඉන්දුනීසියානු ජාතිකයන් 12ක්,  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන් 7ක්, ප‍්‍රංශ ජාතිකයන් 3ක්, ඇමෙරිකානු ජාතිකයන් 4ක්, නවසීලන්ත ජාතිකයන් 2ක්, යුක්රේන ජාතිකයන් 2ක්, කැනඩා ජාතිකයන් 2ක්, රුසියානු, ඉතාලි, නෙදර්ලන්ත හා ඔස්ටි‍්‍රයානු ජාතියකු බැගින් එම ගුවන් යානයේ සිටි බව අදාළ ගුවන් සේවය පවසා ඇත.
ගුවන් නියමු මැලේසියානු ජාතික කැප්ටන් සහාරි අහමඞ් ෂාහ් විසින් මෙම යානය ගුවන් ගත කර ඇත. 53 හැවිරිදි ඔහු 1981 දී මලයාසියානු ගුවන් සේවයට බැඳුණු 18,365ක ගුවන් කාලය හිමි නියමුවෙකි.
මෙම ගුවන් යානයේ සහයක නියමුවා ලෙස කටයුතු කරනු ලබන්නේ මැලේසියානු ජාතික ෆාරික් අබ්හමීඞ් නමැති 27 හැවිරිදි අයකු වන අතර, 2007 වසරේදී ඔහු මලයාසියානු ගුවන් සේවයට සම්න්ධ වී ඇති අතර ඔහු සතු මුළු ගුවන් කාලය 2763කි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos