-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ, ක්වාලාලාම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට පියාසර කරන අයුරු රේඩාර් පද්ධතියේ දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ අනාවරණය කරයි. 

එරට ආරක්ෂක අංශ විසින් රොයිටර් පුවත් සේවය වෙත මේ බව අනාවරණය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි. 

Read more: අතුරුදන් වූ මැලේසියානු යානයේ සිටි මගීන්ගේ ජංගම දුරතකන සමග සම්බන්ධතා.

ඉකුත් 8 වැනිදා අතුරුදන් වූ මෙම ගුවන් යානය ගැන මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළි වී නැති අතර එය සෙවීමේ කටයුතු තවදුරටත් පුළුල් ලෙස සිදුවෙයි. 

එම යානය මුහුදට කඩා වැටුණු බවද ඉන්පසු සුන්බුන් කිහිපයක් හමුවූ බවද පසුගිය දිනවල විදෙස් මාධ්‍ය අනාවරණය කළේය. 

එහෙත් එම කිසිදු සාක්ෂියක් මේ දක්වා නිශ්චිත වශයෙන් තහවුරු කර ගැනීමට හැකිවී නැත. 

අතුරුදන් වූ යානය සෙවීමේ කටයුතු වලට අමෙරිකාවද ඉදිරිපත් ව සිටින අතර එය අතුරුදන් වූ කලාපය ලෙස සැලකෙන මලයාසියානු අර්ධද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දූපත් දක්වා කො‍ටසේ සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙයි. 

Source: http://www.reuters.com/article/2014/03/11/us-malaysia-airlines-military-idUSBREA2A0KM20140311

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos