-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල සකසුරුවම් සමිතියේ අරමුදලින් රුපියල් ලක්‌ෂ 110 ක මුදලක්‌ වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනා රුපියල් ලක්‌ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඔගස්‌ටා අතපත්තු මහත්මිය ඊයේ (07 දා) නියම කළාය.

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද පරීක්‌ෂණයක්‌ අනුව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධානාගාර ගත කර සිට මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුයේ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි දෙපාර්තමේන්තුවේ ආරකAෂක නිලධාරි ඩී.ඡේ. එම්. උදාර ජයමහ හා පිළිගැනීමේ නිලධාරි ඉන්දික ප්‍රසාද් ජයකොඩි නමැති දෙදෙනාය.

සිද්ධියට අදාළ පැමිණිල්ල අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී පසුගිය 26 දා රක්‌ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ සැකකරුවෝ දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ. වැඩිදුර වාර්තා ගොනු කරමින් අධිකරණය ඇමතූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‌ෂණ පවත්වන බවත් වරෙන්තු නිකුත් කර ඇති ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් කියා සිටියේය. 

මූල්‍ය වංචාවට අදාළව පවත්වන පරීක්‌ෂණ වලදී එම සැකසුරුවම් සමිතියේ සාමාජිකයන් කීප දෙනකුගෙන්ද ප්‍රකාශ ලබාගත් බව දන්වා සිටි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් දෙදෙනා භාවිත කළ ලිපිගොනු බහාලුම් (ලොකර්) පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු දක්‌වමින් මෙම සැකකරුවන් දෙදෙනා සකසුරුවම් සමිතියේ සාමාජිකයන් දෙදෙනකු බවත් ඔවුන් දෙදෙනා මූල්‍ය වංචාවට සම්බන්ධතාවක්‌ නොමැති බවත් කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරිය අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝගය නිකුත් කරමින් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙසත් පැමිණිල්ල ලබන මැයි 09 දා යළි කැඳවන ලෙසත් නියෝග කළාය.

පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩල සකසුරුවම් සමිතිය සඳහා 2013 සැප්තැම්බර් 17 දා නව නිලධාරී මණ්‌ඩලයක්‌ තෝරාපත් කරගනු ලැබූ අතර සමිතිය සතු අරමුදල් හා ලේඛන සියල්ල භාර දෙන ලෙසට අභිනව භාණ්‌ඩාගාරිකවරයා හිටපු භාණ්‌ඩාගාරික පුෂ්ප කුමාර ධර්මදාසට දන්වා ඇතත් ඔහු ඒ කිසිත් යළි භාර නොදී සේවයට ද වාර්තා නොකර විදේශ ගත වී ඇත.

හිටපු භාණ්‌ඩාගාරික පුෂ්ප කුමාර ධර්මදාස වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට අධිකරණය මගින් වරෙන්තු ද නිකුත් කර ඇති අතර ඔහු විදේශ ගතව ඇති බවට තොරතුරු අනාවරණයවීම මත සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහාද වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙසට අධිකරණය නියෝග කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos