-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ සිට කටුනායක දක්‌වා අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබූ අධි සුඛෝපභෝගී බස්‌ රථයක්‌ ජාඇල පිටවීමේ මාර්ගය අසලදී ඊයේ (13 දා) පෙරවරුවේ ගිනිගෙන විනාශ විය.

මගීන් 41 දෙනකු රැගත් මෙම බස්‌ රථය ගමන් ගන්නා අතරතුරදී එහි වායු සමන යන්ත්‍ර හදිසියේම අක්‍රිය වී ඇත. එලෙස තිබියදීත් බස්‌ රථය ධාවනය කර තිබේ. ඉන් විනාඩි කිහිපයකට පසු බස්‌ රථය ඇතුළත සුළු දුමක්‌ සහිත දුගඳක්‌ ඇති වී තිබේ. බස්‌ රථය නතර කර ඇත්තේ මගීන්ගේ දැඩි ඉල්ලීම නිසාය.

බස්‌ රථය නතර කරනවාත් සමගම මගීන් සියලු දෙනා ක්‍ෂණිකව ඉවත්ව ඇති අතර මගීන් ඉවත්ව විනාඩි තුනකින් පමණ ඉදිරිපස කොටස ගිනිගත් බව බස්‌ රියේ ගමන් කළ රද්දොළුව පදිංචි නලින්ද ජෝන් මහතා පැවසීය.

ගිනි ඇවිළෙමින් තිබූ බස්‌ රිය පිපිරීමකට ලක්‌ විය හැකිය යන සැකය නිසා අධිවේගී මාර්ගය දෙපසටම ගමන් ගන්නා සියලුම වාහන විනාඩි පහළවකට පමණ නතර කිරීමටද මාර්ගය කළමනාකරණ අංශ පියවර ගෙන තිබිණි.

රුපියල් ලක්‍ෂ එකසිය අටක්‌ පමණ වටිනා මෙම බස්‌ රථයට ගින්නෙන් දැඩි ලෙස අලාභහානි සිදු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. 

බස්‌ රියට ඇතුළුවීමට හා පිටවීමට ඇත්තේ ඉදිරිපස දොර පමණි. දෙපස වාකවුළුද සීල් තබා ඇත. හදිසි අවස්‌ථාවකදී පිටවීමට හදිසි දොරටුවක්‌ හෝ මෙවැනි බස්‌ රථවල නොමැති වීම බරපතළ අවදානමක්‌ යෑයි නලින් ද ජෝන් මහතා පැවසීය. 

බස්‌ රථය නතර කිරීමට රියෑදුරු කටයුතු කළේ මගීන්ගේ බලකිරීම නිසා යෑයිද තව විනාඩි කිහිපයක්‌ රිය ධාවනය කළේ නම් සිදුවිය හැකිව තිබූ විනාශය මෙතෙකැයි කිව නොහැකි යෑයිද ඒ මහතා කීවේය. 

මාර්ගය කළමනාකරණ අංශ එම ස්‌ථානයට ළඟා වූයේ ගින්න ඇති වී විනාඩි දහයක්‌ පමණ ගත වූ පසු යෑයිද හෙතෙම සඳහන් කළේය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos