-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට අත්අඩංගුවට ගත් ටෙලි නාට්‍ය නිළියක් ඊයේ (12) මහනුවර මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම ටෙලි නාට්‍ය ශිල්පිනිය ගණිකා වෘත්තියේ යෙදෙන බවට   ‍පොලීසියට ලැබුණු තොරතුරක් මත උපාය දූතයකු යොදවා ඇය ‍පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය ටෙලි නාට්‍ය කීපයක රඟපා ඇති අතර ඉදිරි කාලයේ තමන් රඟපෑ ටෙලිනාට්‍ය තිරගතවීමට නියමිතව ඇතැයිද තමා නිරූපිකාවක් ලෙස කටයුතු කරන බවද ඇය ‍පොලීසියට පවසා ඇත. වයස අවුරුදු විසි දෙකක් පමණ වන මෙම ටෙලිනාට්‍ය ශිල්පිනිය එක් දිනකට ගණිකා වෘත්තියේ යෙදීමට රුපියල් පන්දහසේ සිට දස දහස දක්වා මුදලක් අයකරන බව ඇය ‍පොලීසියට පවසා ඇත. සැකකාරිය මහනුවර මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමාජ රෝග වාර්තාවක් කැඳවීම සඳහා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිය. මහනුවර ‍පොලීසියේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ප්‍රදීප් කෝට්ටගේ මහතාගේ මෙහෙයවීම මත උප ‍පොලිස් පරීක්ෂක රාජපක්ෂ, ‍පොලිස් සැරයන් කමල් වැන්ඩවෝල් (41541), ‍පොලිස් සැරයන් දිසානායක (2471),‍ පොලිස් කොස්තාපල් සිසිර (46943), ‍පොලිස් කොස්තාපල් අතුල (64674), ‍පොලිස් කොස්තාපල් රුවන් (71072) ,කාන්තා ‍පොලිස් කොස්තාපල් කුසුම් (502), කාන්තා ‍පොලිස් කොස්තාපල් සන්ධ්‍යා (7611) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගත්හ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos