නොබෝදා HP සමාගම විසින් ඔවුන්ගේ නවතම Chromebook 14 හදුන්වා දෙනු ලැබුවා. Intel සමාගමේ 4th Generation ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන මෙම නව Chromebook එකෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 299.99 යි.Intel Haswell ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන පළමු Chromebook එක ලෙසින්ද HP සමාගමේ මෙම නව Chromebook 14 හැදින්විය හැකියි.
මෙහි විශේෂාංග ගැන කතා කරනවානම්, HP Chromebook 14 පැමිණෙන්නේ අගල් 14 ක 1366 x 768p WLED BrightView display screen එකක්, Intel’s 4th Generation ප්‍රොසෙසරයක් හා 16GB / 32GB SSD එකක් සමගයි. ඊට අමතරව Wi-Fi හා 4G සහය, HDMI port එකක්, memory card slot එකක්, USB 2.0 port එකක් හා USB 3.0 port එකක් මෙම නව Chromebook 14 හි ඇතුලත් වනවා.