රෝදපුටුවක සිටි 75 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් දුෂණය කළ බව 29 හැවිරිදි තරුණයෙකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දඹුල්ල පැල්වැහැර ප‍්‍රදේශයේ පදිංචිව සිටි දුෂණයට ලක්වූ කාන්තාව ප‍්‍රතිකාර සදහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. කාන්තාව නිවසේ තනිවම සිටියදී සැකකරු මුළුතැන්ගෙයි දොරක් විවෘත කරගෙන නිවෙස තුළට විත් රෝද පුටුවේ සිටි කාන්තාව ඔසවාගෙන නිවසේ කාමරයට රැගන ගොස් දුෂණය කර පලා ගොස් ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංක් 119 ට ලද තොරතුරක් අනුව පොලීසිය සිවිල් නිලධාරීන් යොදවා කළ පරීක්ෂණයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ප‍්‍රශ්න කිරීමේදී සියලූ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. සැකකරු ගංජා පානයට තදින් ඇබ්බැහි වූවෙකු බවද පොලීසිය කියයි.