විදේශීය සංචාරක කාන්තාවකගේ ඉල්ලීම පරිදි මහ රෑ ඇයගේ කාමරයට රිංගා ආපසු යමින් සිටි පුද්ගලයකු හොරෙක් යයි සිතා නිවෙස් හිමියන් විසින් අල්ලා පොලිසියට බාර දෙනු ලැබීමේ පුවතේ උණවටුන ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
වයස අවුරුදු තිහක් තරම් වන එම පුද්ගලයා කටුගොඩ ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. නිතර උණවටුනට පැමිණෙන ඔහුට විදේශීය සංචාරක කාන්තාවක් හඳුනාගන්නට ලැබිණි. හඳුනාගත් පළමු දිනයේම රාත‍්‍රි කාලයේ තමාගේ කාමරයට පැමිණෙ ලෙස ඇය ඔහුට කීවාය.
ඒ අනුව ඔහු යද්දෙහිමුල්ල ප‍්‍රදේශයේ නතරව සිටි ඇයගේ කාමරයට රිංගුවේය. එවිට වේලාව මධ්‍යම රාත‍්‍රිය ද පසුවී තිබූ නිසා සියල්ලෝම තද නින්දේය.
එහෙත් තම නිවසේ උඩුමහලේ විදේශීය සංචාරක කාන්තාව නතරව සිටින කාමරයේ සිට කිසිවෙකු පහළට බසින ශබ්දයට නිවෙස් හිමියා එළියට බැස බැලූවේය. එවිට ඔහු දුටුවේ උඩුමහලේ සිට බිමට බසින පුද්ගලයෙකි. නිවෙස් හිමියා වහාම ඔහු අල්ලා ගත් අතර නිවසේ සිටි අනෙක් අයද එළියට පැමිණ ඔහුට ගුටිබැට දෙන්නට විය.
ඔහු විවිධ බොරු කියා පළායාමට උත්සාහ කළත් වැඩක් වූයේ නැත. අවසානයේ ඔහුට සිදුවූයේ හබරාදුව පොලිසියේ ජීප් රථයට ගොඩවීමටය. පොලිසියේදී ඔහු සත්‍ය අනාවරණය කළේය.
එම කාන්තාවගේ ඉල්ලීම පරිදි ඇයගේ කාමරයට ගිය බවත් ආපසු පහළට බසින විට නිවෙස් හිමියා අල්ලා ගත් බවත් ඔහු කීවේය.