-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

87- 90 කාලයේ මරණයත් සමඟ ජීවත් වුන තරුණ පරම්පරාවට වඩා අද තරුණ පරම්පරාව වාසනාවන්ත යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිසානායක මහතා ප්‍රකාශ කර සිටී‍.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මොහාන් ලාල් ග්‍රේරු පදනම විසින් රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුව ලබා දීමේ අරමුණින් ආරම්භ කොට තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා සාර්ථකව නිම කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඩිප්ලෝමා සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උළෙල‍ට සහභාගි වෙමිනි.‍
නුගේගොඩ, මොහාන් ලාල් ග්‍රේරු පදනම් මූලස්ථානයේදී පැවති මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී ජල නල කාර්මික, විදුලි කාර්මික, ගෘහ උපකරණ අලුත්වැඩියාව, රූපලාවන්‍යය, සුප ශ්‍රාස්ත්‍රය, පරිගණක, ඉංග්‍රීසි, විද්‍යානුකූල ඇදුම් කැපීම හා මැසීම, මෝටර් කාර්මික, ඉලෙක්ට්‍රොනික් යන පාඨමාලා සාර්ථකව නිම කළ අභ්‍යාස ලාභීන් දෙසීය දහනම දෙනෙකු ඩිප්ලෝමා හා සහතික පත්‍ර ලබා ගත්හ.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ධම්ම දිසානායක මහතා,
80 දශකයේ අග භාගයේ තරුණ අපේ පරම්පරාවට වඩා අද පරම්පරාව ඉතා වාසනාවන්තයි. අප ජීවත් වූයේ කොයි මොහොතක මරලා පුච්චලා දමනවාද කියන බියකින්. 1987 වසරේ මම විශ්ව විද්‍යාලයට එන විට මගේ අම්මා කිවේ “පුතේ විශ්ව විද්‍යාලයට ගියාට කමක් නැහැ හැබැයි මසකට දෙවරකවත් ගමට එන්න” කියා.ඒත් පැවති වාතාවරණය මත අපේ ජීවිත අනාරක්‍ෂිතයි. 1989 දිනක් ‍මම අම්මාව බලන්න පාන්දර දෙකට ගෙදරට ගොස් දොරට තට්ටු කරන කොට අම්මා කෑගහල අඩල කීවේ “මගෙ පුතේ මට උඹව බේරගන්න බැහැ ආව දිහාටම යන්න කියලා” එදා භාගෙට පිළිස්සුණ අත් ඇගිලි වලින් මිනිසුන් හඳුනා ගත්තේ. ජනතාව කැළණි පාලම උඩට වෙලා බාගෙට පිළිස්සුණ මල සිරුරු ගණන් කලා. අද තරුණ පරම්පරාව මේවා දන්නේ නෑ.
1991 වර්ෂයේදී තරුණ අසහනය පිළිබඳ කොමිසමක් පත් කලත්, ඇත්තටම එදා අසහනය තිබුනේ තරුණ දරුවන් සිටි දෙමාපියන්ට. දෙමාපියන් තම දරුවන්ගේ ඊලග මොහොත ගැන අසහනයෙන් තමයි එදා ඉන්න වුනේ. ආණ්ඩුවේ ගණන් අනුව මේ කාලයේ හැට දහසක තරුණ ජීවිත අහිමිවුනත් ඇත්ත ගණන ලක්‍ෂයකට කිට්ටුයි. එහෙම බලද්දී අද තරුණ පරම්පරාවට තිබෙන අසීමිත ජීවන නිදහස දකින කොට අපිට ලොකු සතුටක් දැනෙනවා. ඒ නිසා වත්මන් තරුණ පරපුරට මේ රට ලස්සන කරන්නට ලොකු වගකීමක් තිබෙනවා. රට තරුණ පරපුර දෙස බලා සිටිනවා. මේ රටට බර සාර සංස්කෘතියක්, සාහිත්‍යක් වගේම බර සාර වැඩ සංස්කෘතියක්  අවශ්‍යයයි. මිනිසුන්ගේ ජීවත බිල්ට ගෙන කරන වැඩ වර්ජන සංස්කෘතියක් නොවෙයි. මිනිසුන්ට ආදරය, ගෞරවය දෙන වැඩ සංස්කෘතිය අවශ්‍යයයි. එවන් සමාජ සංස්කෘතියක් වෙනුවෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා මෙලෙස තරුණ පරම්පරාව ශක්තිමත් කරන වැඩපිළිවෙලක් නොමිලේ ආරම්භ කිරීම ප්‍රශංසා කළ යුතුයි.
අධ්‍යාපනය කියන්න‍නේ ශිෂ්‍යත්වය සමත් වීම, සාමාන්‍ය පෙළ විභාගයට “ඒ” නවයක් ලබා ගැනීම, “ඒ” සාමාර්ථ තුනක් සහිතව උසස් පෙළ සමත්වීම වත්, විශ්ව විද්‍යාල උපාධියක් ලබා ගැනීම පමණක් නොවේ. එයට වඩා පුළුල් දැක්මකින් මනුෂ්‍ය සමාජය ඉතාම යහපත් හා විධිමත් සමාජයක් බවට පත් කිරීමේ මෙවලමක් ලෙසයි අධ්‍යාපනය හැදින්විය යුත්තේ. ගුරුවරයාගේ ඉගැන්වීම් වලට හරයාත්මක ගෞරවයක් දක්වමින් ගුරුවරයාට වඩා වෙනස් නිර්මාණශීලී ලෝකයක් බිහි කිරීමයි හොඳ ගෝලයකුගේ කාර්ය වන්නේ.
රටේ නිෂ්පාදන ක්‍රියාවලියට විධිමත්ව දායක විය හැකි පුහුණු පිරිසක්, ර‍ටේ ආරක්‍ෂාවට විධිමත් පුහුණුවක් සහිත සන්නද්ධ හමුදාවක් හා රටේ පරිපාලන කටයුතු සඳහා පුහුණු වෘතීයවේදීන් ලෙස වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය කණ්ඩාම් තුනක් අප ගොඩනගා ගත යුතු වෙනවා. වර්තමානයේ සෑම දෙයක්ම විධිමත් දැනුමක් පුහුණුවක් යටතේ කළ යුතුය යන අවබෝධය රට විසින් හදුනාගෙන තිබීම ඉතාමත් වැදගත්‍. වෘත්තීය පුහුණුව ලැබූවෙක් නොවටිනා හා නොවැදගත් කියා හිතන්න එපා‍.
මාධ්‍ය ඒකකය
මොහාන් ලාල් ග්‍රේරු පදනම

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week