-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පිටසක්‌වල ජීවීහු 80 ක්‌ කැනඩාවේ සිටිනවා යෑයි හෙළිකරන්නේ කැනඩාවේ හිටපු ආරක්‍ෂක ඇමැති පෝල් හෙල්යර්ය. හෙල්යර්ගේ මේ හෙළිදරව්ව ගැන කැනඩා ජනතාව මවිතයට පත්වී ඇත.

සමහර පිටසක්‌වල ජීවීහු ඇමැරිකාවේ නිවේඩා ප්‍රාන්තයේ ඇමරිකානු රහස්‌ මධ්‍යස්‌ථානවල සේවය කරන බවද හෙතෙම තවදුරටත් හෙළිකර තිබේ. මෑතකදී පිටසක්‌වලින් පැමිණි කාන්තාවන් දෙදෙනකු ලාස්‌ වෙගාස්‌හි සුපිරි වෙළෙඳසලකට පැමිණි විගස අතුරුදන් වී ඇත.

තවත් පිරිසක්‌ කැනඩාවේ ටොරොන්ටෝ තදාසන්න ප්‍රදේශයේ සිටියදී පියාඹන පීරිසි දෙකක්‌ දුටු බව එම පියාඹන පීරිසි ඉතා වේගයෙන් පියාසර කළ බව ද ඔහු හෙළි කළේය.

මේ පසුබිම මැද කැනඩා බලධාරීහු පිටසක්‌වල ජීවීන් ගැන සෙවීමට සෙට්‌ නමැති වැඩපිළිවෙළක්‌ ආරම්භ කර ඇත.
මෙම වැඩපිළිවෙළට සම්බන්ධ විද්‍යාඥයෙක්‌ පැවසුවේ මාස කීපයකට පෙර පිටසක්‌වල සිට අබිරහස්‌ සංඥවන් ලැබුණු බවයි.

එසේම පිටසක්‌වල ජීවීන් කැනඩා පුරවැසියන් කීපදෙනකු පැහැරගෙන ඇතැයි හෙල්සර් තවදුරටත් කියා සිටී. පිටසක්‌වල ජීවීන් ගැන යළි මතු වූයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන්තොටුපළ සමීපයේ බ්‍රිතාන්‍ය ගුවන් යානා නියමුවකු පියාඹන පීරිසියක්‌ දැකීමයි.

පාපන්දුවකට සමාන එම පියාඹන පීරිසිය මෙට්‌ලික්‌ වර්ණයෙන් යුක්‌ත බව ද එම නියමුවා හෙළිකර ඇත. එහෙත් රේඩාර් දත්තමත එකී යානාව කාලගුණ බැලුනයක්‌ යෑයි ප්‍රකාශ විය.

එසේ වුවත් පිටසක්‌වල පියාඹන පීරිසි රේඩාරයට හසුනොවන යානා බව සැකකරයි. මෙයට වසර ගණනාවකට පෙර ඇමරිකාවේ නිවේඩා ප්‍රාන්තයට පියාඹන පීරිසියක්‌ කඩාවැටි ඇති අතර එකී තොරතුරු රහසක්‌ව තබාගෙන තිබේ.
එකී පියාඹන පීරිසියේ සිටි ජීවියකු ගැන පරීක්‍ෂණ කළ වෛද්‍යවරයකු මියයැමට පෙර එම තොරතුරු ලියා පෙට්‌ටගමක තැන්පත් කර ඇත. එම ලිපිය වසර ගණනකට පසු ඔහුගේ පුත්‍රයාට හසුවී තිබේ.
එහෙත් ඇමරිකානු බලධාරීහු එම අබිරහස වසන් කර ඇත.

පෝල් හෙල්සර් පවසන්නේ ජනතාව බියට පත්වන නිසා ඇතැම් රටවල් පිටසක්‌වල ජීවීන් ගැන තොරතුරු හෙළි නොකරන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos