අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ඩයලොග් ආයතනය එක්ව පාසල්වල 10-11 ශ්‍රේණීවල සිසුන් සඳහා අධ්‍යාපනික රූපවාහිනී නාලිකා දෙකක් ආරම්භ කර තිබේ.
එම අධ්‍යාපනික රූපවාහිනී නාලිකා දෙක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් තංගල්ල රුහුණු විජයබා විද්‍යාලයේදී අද පෙරවරුවේ ආරම්භ විය.
අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙම නාලිකා දෙක මහින්දෝදය විද්‍යාගාර දහසක සහ තවත් පාසල් දහසක සිසුන්ට නැණැස රූපවාහිනී ජාලය ඔස්සේ පාසල් කාලය තුළඳී නැරඹීය හැකි බවයි.
මීට අමතරව අනෙකුත් සිසුන්ටද අන්තර් ජාලය හරහා සහ ඩයලොග් ටී.වී ඔස්සේ මෙම වැඩසටහන් නැරඹිය හැකි බවද ඇමැති ගුණවර්ධන මහතා කීවේය.