-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ රටේ ස්ථාපිත කරන පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් දුප්පත් දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලබන්නට වරම් උදා කරන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය.

ත්‍රීකුණාමල මණ්ඩපයේ සිද්ධ වෛද්‍ය විද්‍යා අංශයේ පැවැති සිද්ධ වෛද්‍ය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

එහිදී දිසානායක මහතා මෙසේ ද කීවේය.
කොළඹ විශ්වවිද්‍යාලයට හා කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව අපේ රටේ ආයුර්වේද වෛද්‍යායතන දෙකක් තිබෙනවා. එමෙන් ම දමිළ සිද්ධා සම්ප්‍රදායක වෛද්‍ය විද්‍යායතන දෙකක් පවතිනවා. එකක් යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව සහ අනෙක නැඟෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධවයි.

බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අපොහොසත් වන දරුවන් තමයි සිද්ධා සහ යුනානි පාරම්පරික වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පෙළඹෙන්නේ. කෙසේ වෙතත් මෙම ආයතන දියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. ආසියාවේ පමණක් නොව බටහිර රටවල පවා අවධානය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කෙරෙහි යොමුව තිබෙනවා.

එබැවින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේ පාරම්පරික වෛද්‍ය විද්‍යාව දියුණු කිරීම ඉතා වටිනවා. චීනය තම කටු චිකිත්සා ක්‍රමය දියුණු කරමින් බටහිර රටවලට ද එය හඳුන්වා දීමට කටයුතු කිරීම අපට ආදර්ශයක් කර ගත හැකියි.

ආයුර්වේද සහ පාරම්පරික සිද්ධා ක්‍රමය ගැන අපිට දිගු අතීතයක් තිබෙනවා. ඉන්දියාවේ ආභාෂයෙන් තමයි අපට මෙය ලැබුණේ. යාපනය සහ නැඟෙනහිර විශ්වවිද්‍යාලවලට අනුබද්ධව පවතින සිද්ධා වෛද්‍ය විද්‍යායතන පීඨයක් ලෙස දියුණු කිරීමට කටයුතු කළ යුතුයි.

1970 සිට 2005 දක්වා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ සංඛ්‍යාව වැඩිවූයේ 3000-9000 දක්වා පමණයි. එය අවුරුදු 35කට ම 6000ක වැඩිවීමක්. 2005-2012 දක්වා මහින්ද රාජපක්‍ෂ යුගයේ සිසුන් බඳවා ගැනීම 9000 සිට 26000 දක්වා 300%කින් වැඩිවූවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩිවූවත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අපි පියවර ගනිමින් තිබෙනවා.

අපි ත්‍රීකුණාමල මණ්ඩපයේ යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන අතර ලංකාවේ සියලූ විශ්වවිද්‍යාලවලට සිසුන් 24,000කට පහසුකම් සහිත නේවාසිකාගාර 60ක් ඉදිකරමින් පවතිනවා. මීට අමතරව පරිපාලන ගොඩනැඟිලි හා විද්‍යාගාරද ඉදිවෙමින් පවතිනවා. මහින්ද චින්තනයට අනුව යමින් අපේ ජාතික විශ්වවිද්‍යාල සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයෑමට අපි පියවර ගනිමින් තිබෙනවා.

ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අපොහොසත් වන සිසුන් අතරින් පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ රටවල් කෙරෙහි ඇදී යනවා. එසේ විදේශ රටවලට ඇදී යන සිසුන් අප රටෙහිම රඳවාගැනීමට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල බිහිකිරීමට අපේ අනුග්‍රහය ලබා දෙනවා. යාපනය, අග්නිදිග, ශ‍්‍රී ජයවර්ධනපුර, කොළඹ හෝ කැලණිය යන විශ්වවිද්‍යාලයන්හි නව ඉංජිනේරු පීඨයන් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. සබරගමුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් හඳුන්වා දිමටත් අපි බලාපොරොත්තු වෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සීඝ්‍ර වර්ධනයක් ඇති කරන අතරතුරයි පෞද්ගලික හා විදේශ විශ්වවිද්‍යාල ශාඛා ඇති කිරීමට අපි සහාය දෙන්නේ. මේ මගින් පිටරටට ඇදී යන අපේ සිසුන් හා විදේශ විනිමය විශාල වශයෙන් මෙරට රඳවා ගත හැකි වෙනවා.

පෞද්ගලික හා විදෙස් විශ්වවිද්‍යාල මෙරට ස්ථාපිත වූවාට පසුව අපේ දුප්පත් දරුවන්ට 5% සිට 20% දක්වා ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව අපේ රටේ දුප්පත් දරුවන්ට එම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී කිසිදු මුදල් ගෙවීමකින් තොරව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබෙනවා.

මෙම අවස්ථාව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය, නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඒ ගෝවින්ද රාජා මහතා ඇතුළු විද්වත්හු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුහ.
.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week