-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්චත්වය පෙන්නුම් කරමින් හිටපු එල්ටීටීඊ ප්‍රබල ක්‍රියාකාරිනියක කරන පාපොච්ඡාරණයක්‌ අලලා සැකසුණු කෙටි චිත්‍රපටයක්‌ බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රදර්ශනය කිරීමට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ඉකුත් 28 වැනිදා අවස්‌ථාව හිමි විය.

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නිසා තමා හා තම දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ ජීවිත ෙ€දනීය ඉරණමකට ගොදුරු වූ අයුරු එම එල්ටීටීඊ ක්‍රියාකාරිණිය ඉතා සංවේදී ලෙස ලෝකයට කියන අන්දම අන්තර්ගත වන අයුරින් මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය වී ඇත. මෙම ප්‍රදර්ශනය සඳහා පැය දෙකක කාලයක්‌ ශ්‍රී ලංකාවට ලබා දීමටද යුරෝපා පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම චිත්‍රපටය යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ විකාශය කෙරුණු අවස්‌ථාවේ එහි රැස්‌ව සිටි යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විදේශ තානාපති නිලධාරීන් ඇතුළු සියලු ආරාධිතයන් දැඩි වික්‍ෂිප්තභාවයකට පත්වූ බව බ්‍රසල්ස්‌හි දූතමණ්‌ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 

ජීවන් චන්දිමාල් නමැති ශ්‍රී ලාංකිකයකු "අවසාන පියවර" (The last phase) යන තේමාව යටතේ දැනට යාපනය වඩුක්‌කෝඩෙයි ප්‍රදේශයේ ජීවත් වන කොටි ක්‍රියාකාරිණියක වූ ජයවදනී නමැති තිදරු මවක වටා ගෙතුනු සත්‍ය සිදුවීම් මාලාවක්‌ යොදා ගනිමින් මෙය නිර්මාණය කර ඇත.

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියාකාරිත්වය හමුවේ යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ජෙµaරි මැන් හෝඩ්න් මහතාගේ පූර්ණ සහාය ලබා ගනිමින් එය බ්‍රසල්ස්‌හි ප්‍රදර්ශනය කිරීමට අවස්‌ථාව හිමි හිමි කරගෙන තිබෙන අතර මෙම ප්‍රදර්ශනයෙන් අනතුරුව එය නැරඹූ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු තානාපතිවරුන් මෙම සත්‍යය ලෝකයට ගෙන යැමට ශ්‍රී ලංකාව කටයුතු නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ප්‍රශ්න කිරීමක්‌ සිදු කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos