ලොව පුරා තරුණියන්ගේ සිහින කුමරා වන ජස්ටින් බීබර් බ්‍රසීලයේ සංචාරයක යෙදෙමින් සිටින අතරතුර කවුරුත් බලපොරොත්තු නොවන ආකාරයේ සංචාරයකද යෙදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා පලවන ආකාරයට ඔහු බ්‍රසීලයේ පිහිටි ප්‍රකට ගණිකා නිවාසයක සිට එලියට එන අයුරු දක්නට ලැබී ඇති අතර, එහිදී ඔහුව හඳුනා ගැනීමට නොහැකි වන ආකාරයට සුදු රෙදි වලින් පොරවා ගෙන අදාල ගොඩනැගිල්ලෙන් පිටතට ගෙන ගොස් ඇත.
කෙසේවෙතත්, ඔහුගේ වම් මැණික් කටුවේ පිහිටා ඇති පච්ච සළකුණකින් ඒ ඔහු බව සනාථ වී ඇත.
ඔහු එම ගොඩනැගිල්ලෙන් පිටත් වූ වහාම රථයකට නැග ඇති අතර ඔහුත් සමඟ තවත් කාන්තාවන් දෙදෙනුකද එම රියට නැග ඇත.