-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ නිල චන්ද්‍රිකා මාධ්‍ය ආවරණ සපයන්නා ලෙස Globecast Africa ආයතනය තෝරාගන තිබේ.

එම ආයතනය විසින් සමුළුවේ සම්මන්ත්‍රණ හා අනෙකුත් වැදගත් අවස්ථා අප්ලින්ක් 5ක් ඔස්සේ චන්ද්‍රිකා හරහා මහද්වීප 5කට විකාශය කරයි.

එබැවින් සමුළුවේ HD සජීවී ආවරණය සඳහා විකාශය කරන සෑම මුල් විනාඩි 10 කට ඩොලර් 1,000 බැගින් Globecast ආයතනයට චන්ද්‍රිකා කුළිය ලෙස ගෙවිය යුතු අතර අමතර විනාඩි 5කට ඩොලර් 500 බැගින් ගෙවිය යුතුය.

මෙවැනි අප්ලින්ක් 5ක් සජීවී විකාශයන් සඳහා යොදාගැනේ. අනෙකුත් මිලගනන් මෙතනින් බලන්න.

පසුගිය 2012 නොවැම්බර් 27 වනදා කක්ෂගත කල සුපීම් සැට් චන්ද්‍රිකාවට තවත් සති 3කින් වසරක් සපිරේ.

2013 ජනවාරි මාසයේ සිට එමඟින් රූපවාහිනී නාලිකා විකාශය කරන බවට පම්පෝරි ගැසූවද තවමත් ඒ පිළිබඳ ආරංචියක් නොමැති අතර වෙනත් චන්ද්‍රිකා සඳහා මුදල් ගෙවීමට සිදුවී තිබේ.

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 360 ක් හෙවත් ආසන්නව රු මිලියන 47,000කි. එයින් සැලකිය යුතු කොටසක් ආයෝජනය කළේ ලංකාවයි.

එතරම් මුදලක් ආයෝජනය කර වසරක් ගතවනතුරු එයින් ප්‍රයෝජනයක් ගෙන නොමැති අතර මෙවන් වැදගත් සමුළුවක් සඳහා වත් අන්තර්ජාතික විකාශනයකට ප්‍රයෝජනයක් නොගැනීම යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද යන්න සිහිගැන්වේ.

මෙම සමුළුවේ මාධ්‍ය ආවරණය සඳහා පැමිණෙන දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් ගණන 1,000ක් පමණ බව ගණන් බලා ඇති අතර මෙම මාධ්‍ය ආවරණය සඳහා දැනට ගණන් බලා ඇති වියදම රු. මිලියන 975කි.

නමුත් සමුළුව අවසානයේදී මෙම මුදල බිලියනය ඉක්මවිය හැකි බවද පැවසේ
.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week