-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දියවැඩියා රෝගියෙකුවූ තම පියා කැටුව රෝහල වෙත රිය පැදවූ කුවේට් ජාතික කාන්තාවක් සවුදි අරාබියේදී අත්අඩංගුවට පත්වී ඇතැයි වාර්තා වේ.
කුවේට් දේශසීමාව ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති අතර චෙව්රොලේ එපිකා වර්ගයේ මෝටර් රථයක ඉදිරි අසුනේ රෝගී පියා සිටි බව පැවසේ.

තම පියාගේ රෝගී තත්වය ගැන ආරක්ෂක අංශ වලට පැහැදිලි කරදීමට ඇය උත්සහ දරා ඇති නමුදු සවුදි පොලිසිය ඒ පිළිබඳ තැකීමක් කර නොමැත.  පරීක්ෂණයක් සිදුකරන තෙක් මෙම කාන්තාව රඳවා තබාගෙන ඇති අතර රෝගී පියා රෝහල වෙත ළගා වුවාද යන්න වාර්තා වී නොමැත.

මෙම ප‍්‍රදේශය තුළ සවුදි සහ කුවේට් ජාතිකයන් නිතර දේශසීමාව පසුකරන අතර ඔවුනොවුන් අතර සමීප සබඳතා පවතින බව පැවසේ.  කෙසේවෙතත් සවුදි අරාබියට සාපේක්ෂව කාන්තා අයිතිවාසිකම් සැලකීමේදී කුවේටය ඉදිරියෙන් සිටියි.

කුවේට් කාන්තාවන් සඳහා රිය පැදවීම, ඡන්දය ලබාදීම සහ පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ අයිතීන් හිමිවී ඇති අතර සවුදි අරාබිය තුළ රිය පැදවීම, විදෙස් ගමනාගමනය, බැංකු ගිණුමක් විවෘත කිරීම සහ පිරිමි ඥාතියකුගේ අවසරයෙන් තොරව රැකියාවක් සිදුකිරීම තහනම් වේ.

අබ්දුල්ලා රජු විවිධ ප‍්‍රතිසංස්කරණ ගෙනඒමට උත්සහ දැරූවද සවුදි අරාබියේ ජ්‍යෙෂ්ඨ පූජකවරුන් ඒ සඳහා දිගින් දිගිටම එරෙහි වන බව වාර්තා වේ.

මේ අතර රිය පැදවීමේ අයිතිය අහිමි කිරීමට එරෙහිව සවුදි කාන්තාවන් 60 දෙනෙකු පමණ රිය පදවමින් විරෝධය දක්වා ඇති අතර පොලිසිය ඉන් 16ක් අත්අඩංගුවට ගෙන රියාල් 300ක දඩයක් පණවා තිබේ.
රාජ්‍යයේ පවතින නීතියට යටත් වන බව සිය පිරිමි භාරකරුවන් සමග ප‍්‍රතිඥා දෙන ලෙසටද ඔවුන් වෙත බලකර ඇතැයි වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week