ලන්ඩනයේ නිවෙසකට සුපර් මාකට් වෙළෙඳ සලකින් මිලදී ගත් කෙසෙල් ගෙඩිවල ඉතා විෂ සහිත මකුළුවන් විශේෂයක් සිටීම ගැන එරට පළිබෝධනාශක සමාගමක් අනතුරු අඟවා සිටී.
එම මකුළුවන්ගේ ප්‍රහාරයට ලක්වුවොත් මරණය පවා සිදුවේ. බ්‍රසීලයේ වාසය කරන මෙම විෂ සහිත මකුළුවන් ආහාර තොගවලට ඇතුළු වූයේ කෙසේදැයි එම සමාගම පරීක්‍ෂණ පවත්වමින් සිටී. කොන්සි ටේලර් වෙළෙඳපොළට ගොස් අනෙක් පාරිභෝගික භාණ්ඩ සමඟ කෙසෙල් ගෙඩිද මිලදී ගත්තාය. කෙසෙල් ගෙඩිවල පොතු තුළ සැඟවී සිටින මෙම මකුළුවන් දුටු කොන්සි එම මකුළුවන්ගේ ඡායාරූප අදාළ පළිබෝධ නාශක සමාගමට යැව්වාය.