-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මවට දෂ්ට කිරීමට සූදානම් වූ විෂ සහිත හබරලයකුගේ බෙල්ලෙන් අල්ලා මවව බේරාගත් හත් මස්‌ වියෑති බිලිඳකු පිළිබඳ විස්මයජනක සිද්ධියක්‌ වැල්ලවින් වාර්තා වේ.

වැල්ලව පොලිස්‌ වසමේ හිරිපිටියට ආසන්න ග්‍රාමයක ඊයේ (31 ) තම ගෙවත්තේ වැට දිගේ ආ දිගු සර්පයකු කුඩා දරුවකු අතේ සිටි කාන්තාවකට දෂ්ට කරන්නට සැරසී ඇත.

ඒ මොහොතේ ඇගේ අතේ සිටි බිලිඳු දරුවා සර්පයාගේ හිසෙන් තදින් අල්ලා හඬන්නට පටන් ගෙන තිබේ. දරුවාගේ අතේ එතී සිටි සර්පයා දෂ්ට කිරීමට නොහැකි වී වියරුවෙන් දැඟලීමට පටන් ගැනීම නිසා ඌ දරුවාගේ අතින් ගලවා ගැනීමට නොහැකිව ඇත.

 අසල්වාසීන් පැමිණ සර්පයා ගලවා ගැනීමට තැත් කිරීමේදී ඌ දෙකඩ වී ඇත. සර්ප හිස සමග දරුවා හිරිපිටිය රෝහලට රැගෙන ගොස්‌ ඇත.

කිරිකැටි අතට සර්ප විෂ වැදීමට නොහැකි වන ලෙස වෛද්‍යවරුන් උපකරණ යොදා එම සර්පයාව ඉවත් කර තිබේ. දරුවා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට වහා යවා ඇත.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී සර්පයා දරුණු හබරලයකු බව හඳුනාගත් අතර දරු පැටියාට කිසිදු විෂ ශරීරගතවීමක්‌ සිදුවී නැති බව ද තහවුරු කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos