රුවන්වැල්ල, ගල්පාත ප්‍රදේශයේදී නිවසක තුළ තිබී හමු වූ පුද්ගල මළ සිරුරු තුන පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත් විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මිය ගොස් සිටි කාන්තාව දූෂණයට ලක් ව ඇති බව සිරුර පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය තහවුරු කර ඇති බව ය.
අදාළ කාන්තාව හා ඇයගේ මාස 10ක් වයසැති දරුවා ඝාතනය කර සැකකරු ද ගෙළ වැලලාගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි අනාවරණය වූ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.