හෙරොයින් ග්‍රෑම් 34 ක් ළඟ තබා ගත් පුද්ගලයකුට හා කාන්තාවකට, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අඟහරුවාදා (05) මරණ දඬුවම නියම කළේය. මෙසේ මරණ දඬුවම නියම කරන ලද්දේ ඉන්ද්‍රානි ගුණසේකර නමැත්තියට හා ජූඩ් ඇන්ටන් නැමැත්තාටය. ඇතුල්කෝට්ටේ සිට යතුරුපැදියකින් මෙලෙස හෙරොයින් ගෙනයද්දී මිරිහාන පොලිසියට ලැබුණු ඔත්තුවක් මත මේ දෙදෙනා අත්අඩංගුවට ගැණුනි. පැමිණිල්ල විසින් විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇති නිසා මෙසේ මරණ දඬුවම නියම කරන ලදී.
තහනම් කුඩු තියාගත් ජෝඩුවට මරණ දඬුවම
2013-11-06T12:00:00+05:30
Janith
Gossip Lanka News|Sri lanka news|