කතරගම,කිරිවෙහෙර මාර්ගයේ වටරවුම අසලදී ත්‍රිරෝද රථයක් මාර්ගයේ ගමන් කල සුනඛයෙකුගේ ගැටීමෙන් පෙරලි ඇත.එම අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා කතරගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 26ක් වන ගමිණිපුර පදිංචි කරුවෙකු වන අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය පවුලේ අයට බාර දී ඇත.කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.