සඳුනි දේශප්‍රිය
කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව නිමිත්තෙන් අද (6දා) සිට මේ මස 19 වැනිදා දක්වා කොළඹ පාසල් 29ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.
එම පාසල් මෙසේය.
මහානාම විදුහල - කොළඹ 03, බාරොන් ජයතිලක විදුහල - මාලිගාවත්ත, රාජසිංහ විදුහල - මාලිගාවත්ත, අශෝක විදුහල - මරදාන, ආනන්ද විදුහල - මරදාන, විහාරමහාදේවි බාලිකා විදුහල - මරදාන, සංඝරාජ විදුහල - මරදාන, හෝලි රොසරි සිංහල විදුහල - කොම්පඤ්ඤවීදිය, හෝලි රොසරි දෙමළ විදුහල - කොම්පඤ්ඤවීදිය, ටී.බී. ජයා විදුහල - කොම්පඤ්ඤවීදිය, අල් ඉග්බාල් විදුහල - කොම්පඤ්ඤවීදිය, මිහිඳු විදුහල - කෙසෙල්වත්ත, අල් හිග්මා විදුහල - කෙසෙල්වත්ත, කොටහේන මධ්‍ය මහා විද්‍යාලය - කොටහේන, ශාන්ත පාවුලු බාලිකා විදුහල - බම්බලපිටිය, හින්දු විදුහල - බම්බලපිටිය, විශාකා විදුහල - කොළඹ 05, ඉසිපතන විදුහල - කොළඹ 05, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල - කොළඹ 08, සුසමයවර්ධන විදුහල - කොළඹ 08, රාජකීය විදුහල - කොළඹ 07, ඩී.එස්. සේනානායක විදුහල - කොළඹ 07, තර්ස්ටන් විදුහල - කොළඹ 03, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල - කොළඹ, ආනන්ද බාලිකා විදුහල - මරදාන, ගෝතමී බාලිකා විදුහල - මරදාන, නාලන්ද මහා විද්‍යාලය - බොරැල්ල, මහාබෝධි විද්‍යාලය - කොළඹ 02, සාරිපුත්ත විද්‍යාලය - කොළඹ 02.
මෙයට අමතරව හෙට (07දා) සිට 19 වැනිදා දක්වා තවත් පාසල් තුනක් වසා තැබෙන බව අමාත්‍යංශය පවසයි.
මෙයට අමතරව හෙට (07දා) සිට 19 වැනිදා දක්වා තවත් පාසල් තුනක් වසා තැබෙන බව අමාත්‍යංශය පවසයි.
එනම් රත්නාවලී බාලිකා විද්‍යාලය - බොරැල්ල, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විදුහල - බොරැල්ල, ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලය - මරදාන වේ.
මේ මස 08 වැනිදා සිට 18 වැනිදා දක්වා ආ¾ඩිඅම්බලම මහා විද්‍යාලයද මේ මස 9 වැනිදා සිට මේ මස 19 වැනිදා දක්වා කොළඹ අල්හිදායා සහ ඒ.ඊ. ගුණසිංහ යන විද්‍යාල දෙකද වසා තැබේ.
මේ මස 08 වැනිදා සිට 18 වැනිදා දක්වා ආ¾ඩිඅම්බලම මහා විද්‍යාලයද මේ මස 9 වැනිදා සිට මේ මස 19 වැනිදා දක්වා කොළඹ අල්හිදායා සහ ඒ.ඊ. ගුණසිංහ යන විද්‍යාල දෙකද වසා තැබේ.
ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව වෙනුවෙන් වසා තැබෙන මුළු පාසල් සංඛ්‍යාව 35කි.