-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රාකේෂ් රෝෂන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත‍්‍රපටය වන කී‍්‍රෂ් 3 චිත‍්‍රපටය තිරගතවූ පළමු දින හතරේදී පමණක් ඉන්දියානු රුපියල් කෝටි 72.7 ක ආදායමක් උපයා තිබෙනවා.
 
මුහුණ වසාගත් වීරයෙකු වටා ගෙතුන ක‍්‍රිෂ් චිත‍්‍රපට මාලාවෙ තුන්වන දිගහැරුම වන කි‍්‍රෂ් 3 චිත‍්‍රපටය පළමුවරට ප‍්‍රදර්ශනය ආරම්භවූයේ නොවැම්බර් 01 වැනිදාය. එදිනට පමණක් එය ලැබූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 25.20 කි. පළමු දිනයේම ඉන්දියානු පේ‍්‍රක්ෂකයින්ගේ හිත් අමන්දානන්දයට පත්කල එම චිත‍්‍රපටය දෙවන දිනයේදී ලැබූ මුළු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 48.4 කි. එහි තුන්වන දිනවූ පසුගිය ඉරිදා දිනය ඉන්දියාවේ දීපවාලි දිනයද විය. එදිනට පමණක් කි‍්‍රෂ් 3 චිත‍්‍රපටය ඉපැයූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 24.30 ක් වූයේය. සිව්වන දිනයේ ඉන්දියානු රුපියල් කෝටි 35.91ක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා බිද හෙළීමට මේ වන විට ක‍්‍රිෂ් 3 චිත‍්‍රපටය සමත්වී ඇත. ඒ අනුව සිව්වන දිනය නිමාවන විට එය ඉපැයූ සමස්ත ආදායම කෝටි 108.61කි. 
 
 තම චිත‍්‍රපටයේ සාර්ථකත්වය පිළිබදව තමන් සතුටට පත්වන බව කි‍්‍රෂ් 3 චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ්‍ය රාකේෂ් රෝෂන් පවසනවා. චිත‍්‍රපට විචාරකයින් පවසන්නේ ක‍්‍රිෂ් 3 හී සාර්ථකත්වය වූයේ ප‍්‍රධාන කාරනා දෙකක් මත බවයි. එනම් රාකේෂ් රෝෂන්ගේ නිර්මාණශීලි අධ්‍යක්ෂණයත් සැළසුම් සහගතව ගෙන ගිය ප‍්‍රචාරන කටයුතුත් එම කරුණු දෙක බවයි.
රිතික් රෝෂන් හා පි‍්‍රයංකා චෝප්රා ප‍්‍රධාන චරිත නිරූපනය කරන කි‍්‍රෂ් 3 චිත‍්‍රපටයේ විවේක් ඔබරෝයි හා කන්ගනා රනෝත්ද රංගනයෙන් දායක වෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week