බොරලැස්ගමුව වැව ළගදී පෙම්වතිය සමඟ සිටි පෙම්වතාට කළු ගලකින් පහර දුන් බව කියන තරුණයෝ තිදෙනෙක් පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.
පෙම්වතා පෙම්වතියට පහර දීම මෙම පහර දීමට මුල් වු හේතුව බවත් පහර කමින් දිවු පෙම්වතාට වැදුණු කළු ගල් පහරින් ඔහු සිහිසුන් වු බවත් කියති.
ඔහුගෙන් මෙතෙක් කට උත්තරයක් ගෙන නැතැයි පොලීසිය පවසයි.