-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රාජ්‍ය තාන්ත්‍රික මුවාවෙන් මෙරටට පැමිණි ලයිබීරියා ජාතිකයාට රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් තොගය කොළඹ තරු පහේ හෝටලයකදී ලබාදී ඇති මෙරට සිටින ඉහළ පෙළේ ජාවාරම්කරු කවුරුන්ද යන්න ගැන සෙවීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එම ලයිබීරියා ජාතිකයාගෙන් ප්‍රශ්න කරගෙන යයි.
ඒ පිළිබඳ මූලික පරීක්‍ෂණ පැවැත්වූ රේගුවේ උසස් නිලධාරියකු පැවැසුවේ මේ ලයිබීරියා ජාතිකයා මීට පෙර මේ වසරේදී තුන් වතාවක් මෙරටට පැමිණ ඇති බව හෙළිවී ඇති බවයි.

මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයකු ලයිබීරියාවේ සිට මෙරටට එවා නැති බව මෙරට සිටින අදාළ රටේ කොන්සියුලර්වරයා විසින් තහවුරු කොට ඇති බවද එම රේගු නිලධාරියා පැවැසීය.

රේගුව විසින් හෙළිකරගෙන ඇති තොරතුරු අනුව එම ලයිබීරියා ජාතිකයා පසුගිය 2009 සහ 2010 වසරවලදී ද මෙරටට පැමිණ ඇති බව හෙළිවී තිබේ.
සැකකරු අන්තර්ජාතික මත්ද්‍රව්‍ය හුවමාරු මාෆියාවේ ප්‍රබල ජාවාරම්කරුවකු බවට සැකකරන රේගුව ඔහු පිළිබඳ මූලික පරීක්‍ෂණවලින් පසුව ඊයේ උදේ රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදෙන ලදී.

මේ ලයිබීරියන් ජාතිකයා සතුව තිබූ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ පරීක්‍ෂණ අංශවලට සැක මතුවී ඇති අතර ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අන්තර්ජාතික පොලිසියේ සහාය ලබාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තීරණය කොට තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week