-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්සත් ජාතික පක්ෂ රජය බාපන සමයේ කොළඹ  කටුනායක අධිවේගී මාර්ගයක් තැනීම සදහා ලබිගත් යෙන් මිලියන 560 ක ණය මුදලට සිදුවූයෙ කුමක්දැයි මංගල සමරවීර මහතා රටට හෙළි කළ යුතුයැයි මහාමාර්ග වරාය හා නාවික ව්‍යාපෘති  අමාත්‍ය නිර්මල කොතලාවල මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඇමතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද සදහන් වේ.

ජනතාවාදී රජයක් විදියට රට සංවර්ධනය කරන්න රට දියුණු කරන්න රටේ දියුණුව වේගවත් කරන්න ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙම් රජය කටයුතු කරන විට එය ඉවසාගත නොහැකිව එජාපයේ සන්නිවේදන බළක ප‍්‍රධානී මංගල සමරවීර අසත්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීමට පෙර කොළඹ  කටුනායක අධිවේගී මාර්ගයක් තැනීම සදහා එක්සත් ජාතික පක්ෂ රජය 1990 – 92 යුගයේ ලබාගත් යෙන් මිලියන 560 ට සිදුවූ දෙය පිළිබදව ඔවුන් හෙළි කළ යුතුයි.

ලෝකයේ වැඩිම් වියදමක් දරා ඉදිකළ අධිවේගී මාර්ගයක් විදියට කොළඹ  කටුනායක අධිවේගී මාර්ගය හදුනවන මංගල සමරවීර මහතා වරාය අමාත්‍යංශය බාරව සිටින යුගයේ තම නිල නිවසට ලෝකයේ වැඩිම වියදමක් දරා විදුලි සෝපානක්  ඉදි කළ බව මෙම රටේ ජනතාවට  අමතක නැත.

ඔහුගේ සැබෑ නිරුවත පිළිබද රටේ ජනතාව දැනුවත්ව සිටින බැවින් රටේ ජනතාව නොමග  යැවිය නොහැක.  රජයේ සංවර්ධන වැඩ පිළිවෙළ පිළිබද ජනතාව තුළ ජනාධිපතිතුිමාට අහ රජයට ඇති ගෞරවය හීන් කරවීමේ අරමුණින් සාර්ථක සංවර්ධන ව්‍යාපෘතීන් ජනතා අයිතියට පත් කළ සෑම අවස්ථාවකම එම සංවර්ධන ව්‍යාපෘතිය  පිළිබද ජනතාව නොමග යවනසුළු ප‍්‍රචාර ගෙන යාමට පුරුදුව ඇත.

කොළඹ  සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයක් තැනීම සැලසුම් කරන ලද්දේ 1984 දීය.  එයට ඉහතදී මෙම මාර්ගය සාමාන්‍ය මාර්ගයක් ලෙස දියුණු කිරීමේ සැලස්මක් තිබුණි.

1982 දී පෑලියගොඩ දළුගම වේවැල් දුව රාගම ඒකල හරහා කටුනායක අධිවේගී මාර්ගයක් තැනීම සදහා ශඛ්‍යතා අධ්‍යයනයක් සිදුකර ඇත.  නැවත වරක් 1990 – 92   කාලයේ දී මෙම ශඛ්‍යතා අධ්‍යයනය සදහා ප‍්‍රතිපාදන වෙන්කර ඇත. ඒ සදහා යෙන් මිලියන 560 ක මුදලක් ණය වශයෙන් ජපානයෙන් ලබාගෙන ඇති අතර එම ණය මුදල තවමත් ගෙවෙමින් පවතී. ඉන් අනතුරුව 2000 වසරේ දී කොරියානු සමාගමකට මෙම මාර්ගය තැනීම සදහා රුපියල් බිලියන 11 ක කොන්ත‍්‍රාත්තුවක් ලබාදී තිබුණි.  එම කොන්ත‍්‍රාත්තුව 2004 දී අවලංගු කරන ලද අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 270 ක් කොන්ත‍්‍රාත්කරුට වූ හානිය වෙනුවෙන් වන්දි ගෙවා ඇත.

මෙම කිසිදු කරුණක් පිළිබදව කතා නොකර සාර්ථකව නිමකළ කොළඹ  කටුනායක අධිවේගී මාර්ගය පිළිබද අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් තමන්ගේ සහ තම නායකයන්ගේ නොහැකියාව සහ  නිරුවත වසා ගැනීමේ අරමුණින් බව වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරමි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos