-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිංහල කාන්තාවන් අටලක්‍ෂ අනූ දහක් පමණ රට පුරා පිහිටා ඇති ගබ්සා මධ්‍යස්ථානවලින් වඳ සැත්කම් කරගෙන ඇතැයි බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මේ බව පෙන්වා දුන්නේ බොදු බල සේනා සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතා අතර ඊයේ 30 දා පස්වරුවේ පැවති සකච්ඡවකදීය.

‘ශි‍්‍ර ලංකාවේ සිංහල ජනගහනය වර්ධන වේගය වළලා දැමිමේ මුවාවෙන් මෙම ව්‍යාපාරය ඇතැම් රජයේ රෝහල් කෙන්ද්‍රීය කැරගෙන සිදුකරන බව සංඛ්‍යා ලේඛන ඇතිව ඔප්පු කිරීමට හැකියි.

ඇතැම් ගම්බඳ දිළිදු පවුල් වල අඩු වයසේ කාන්තාවන්ට තර්ජනය කැරෙමින් ගබ්සා කි‍්‍රයාවට නැඹුරු කරවන බව දැනගන්නට ලැබුණා. මේ රටේ යම් දවසක සිංහල ජාතිය අහිමි වු දවසක  බුද්ධාගම නැත්තටම නැතිවන බව එම සංවිධානය පිළිගෙන තිබෙනවා.

මේ  සම්බන්ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුකර නිතී විරෝධී ගබ්සා මධ්‍යස්ථාන  වහාම තහනම් කරන ලෙස ඉල්ලා සිටිනවා’ යැයිද උන්වහන්සේ එහිදී කීහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos