-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කෝ… කෝ… මේ කැලණියේ අයිතිකාරයා? මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පසුගිය 27දා පෙරවරුවේ පෑලියගොඩදී කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමට සුළු වේලාවකට ප්‍රථම රැස්ව සිටි මැති ඇමැති ප්‍රභූන් අතරින් කෙනකු සොයන ආකාරයක් දක්නට ලැබිණි.

ජනාධිපතිතුමා මේ සොයන්නේ මර්වින් සිල්වා ඇමැතිවරයා බව වටහා ගන්නට එහි සිටි ප්‍රභූන්ට වැඩි වේලාවක් ගත නොවීය.
මර්වින් සිල්වා ඇමැතිවරයා මේ අවස්ථාවේ සිටියේ සියලු ප්‍රභූන්ගෙන් පිටුපසට වීය.

මර්වින් ඇමැතිවරයාට ජනාධිපතිවරයාගේ ඒ හඬ කන වැකුණ සැණින්ම රැස්ව සිටි සියල්ල දෙපසට කරමින් ඉදිරියට ආවේ ඔහුගේ මුහුණේ කිසිම දිනෙක නොදැක්ක තරමේ සුන්දර සිනාබවකින් යුතුවය. ඇමැතිවරයා ජනාධිපති වෙත එසේ පියවර තැබුවේ නිකම්ම නොවේ.

රැස්ව සිටි සැම දෙනාම සිනා සයුරේ ගිල්වමින් ගීතයක්ද ගායනා කරමින්ය.

වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්න, පළිගන්න, අන්දවන්න නෙවෙයි
ඇයි මගෙන් පළිගන්නේ නෑ මට වැටහෙන්නේ…
වරදක් වුණා නම් සමාව දෙනු මැන
ඔබ මාගෙ නෙත් දෙක වාගෙයි

එසේ ගීත ගායනා කරමින් ජනාධිපති ඉදිරියට ආ මර්වින් සිල්වා ඇමැතිවරයාගේ හිස දෙතුන් විටක්ම ජනාධිපතිවරයා විසින් සියතින් පිරිමැද්දේ පොඩි දරුවකු සනසන්නා වගේය.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විවෘත කරමින් අධිවේගී මගේ ජනාධිපතිවරයා පදවාගෙන ගිය වාහනයේ ඉදිරිපස අසුනේ ජනාධිපති ආර්යාව වූවාය. පිටුපස අසුනේ ගමන් යෑමට ජනාධිපතිවරයාගෙන් ආරාධනා ලැබුණේ මර්වින් සිල්වා ඇමැතිවරයාටය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos