අමෙරිකානු බුද්ධි අංශ ගූගල් හා යාහු දත්ත මධ්‍යස්ථානයන්හි තොරතුරු රහසිගත ව නිරීක්ෂණය කර ඇතැයි හෙළි වී තිබේ.
මේ බව අනාවරණය කෙරුණේ, අමෙරිකානු තොරතුරු විශ්ලේෂක එඩ්වඩ් ස්නොඩන් විසින් සිදු කරනු ලැබූ අනාවරණ ඇසුරින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත ප්‍රකාශයට පත් කළ නව ත ම ලිපියකිනි.
එහි දැක්වෙන්නේ මිලියන ගණනක වාර්තාවන් ගූගල් හා යාහු වෙබ් අඩවි හරහා අමෙරිකානු බුද්ධි අංශ විසින් ලබාගෙන ඇති බව ය.
කෙසේ වෙතත් මෙම සමාගම්හි පරිගණකවලට ඇතුළුවීමට තමන්ට හැකියාවක් නැතැයි, අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානී ජෙනරාල් කීත් ඇලෙක්සැන්ඩර් ප්‍රකාශ කළේ ය.
මෙම පුවත වාර්තා වූයේ, අමෙරිකානු බුද්ධි අංශ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ ජංගම දුරකතනයන්ට රහසින් සවන් දීම පිළිබඳව සොයා බැලීම සඳහා ඇයගේ නියෝජිතයින් පිරිසක් නිව්යෝර්ක් බලා පිටත් ව ගොස් පැය කිහිපයකට පසු ව ය.