වැරැදීමකින් දුම්රිය ගාස්තු නොගෙවා දුම්රියකින් සැතැපුම් 200ක් පමණ ගමන් කළ කාන්තාවකට අනෙකුත් මගීන්ගේ දෝෂාරෝපණය එල්ල වූ පුවතක් වාර්තා වේ. වෘත්තීය නිළියක වන 22 හැවිරිදි හෙලන් ෆ්ලනගන් දුම්රිය ගාස්තු නොගෙවා ගමනට සහභාගි වීම ගැන අනෙකුත් මගීහු නොසතුට පළ කළහ.
මැන්චෙස්ටර් සිට ලන්ඩන් දක්වා වර්ජින් දුම්රිය සේවය යටතේ ගමන් කළ ඇයට ප්රවේශ පතක් ලබා ගැනීමට අමතක වී තිබේ. ඉන්පසු දුම්රියේදී තම ඇඟිලි සලකුණ තබා ගමන් ගාස්තුව ගෙවීමට ඇය තැත් කළද ආරක්ෂක සීනුව නාද විය. ඇය මේ ආකාරයෙන් ප්රවේශපත්රයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඇයගේ කේරඩිට් කාඩ්එක අවලංගු වී තිබිණි.
කෙසේ වෙතත් දුම්රියේ ප්රවේශපත්ර පරීක්ෂකවරයා තමන් සේවය සපයන්නේ අති සුපිරි තරුවකට බව දැනගෙන මුදල් ලබානොගෙන ගමන යෑමට ඇයට ඉඩ සලසා ඇති බව පසුව අනාවරණය විය. ඇයට විශේෂත්වයක් කිරීම අනෙකුත් මගීන්ට නම් සතුටක් වූයේ නැත