මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වදින අනර්කලී ආකර්ෂා පසුගියදා දේශපාලන වේදිකාවේ කිසිවෙකුට වසන්කල නොහැකි කාරනා තුනක් පිළිබඳව හෙළිකොට සිටියා.
කාරනා තුනක් කිසිම කෙනෙකුට වසන් කරන්න බැහැ. පලවෙනි දේ තමයි ඉර. දෙවෙනි දේ තමයි හඳ..ඒ වගේම තුන්වෙනි දේ තමයි යතාර්ථය..යතාර්ථය මේකයි..අම්මේ තාත්තේ තේරුම් ගන්න..අපිට එකම නායකයි ඉන්නේ..ඒ නායකයා තමයි අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා..
ඉන් නොනැවතී අදහස් පලකොට සිටි අනර්කලී ආකර්ෂා කියා සිටියේ තමා කාන්තාවන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බවත් එම සේවය වඩාත් පුළුල්ව ඉටු කිරීම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවට යාමේ අපේක්ෂාවෙන් සිටින බවකි.