අතිගරු ජනාධිපතිතුමනි,
සකල ශ්‍රී ලංකාවාසී ජනතාව ගැන අප තුළ ඇති බලවත් අනුකම්පාව පෙරදැරි කොටගෙන මෙම ලිපිය ලිවීමට අදහස් කළේ හුදු පටු පෞද්ගලික පරමාර්ථයන් මුල්කොට ගෙන නොවන බව පළමුකොට අවධාරණයෙන් සඳහන් කළ යුතුව තිබේ. අප වූ කලී ඉතා කුඩා සංවිධානයකි. එනමුත් අප ශ්‍රී ලංකාවේ සෑම දිස්‌ත්‍රික්‌කයක්‌ම නියෝජනය කරන බව දන්වා සිටිමු. අප සියලු දෙනාම පාහේ 2005 ජනාධිපති මැතිවරණයේදී ඔබතුමාට ඡන්දය දුන් අය වෙමු. 2009 වර්ෂයේදී ඔබතුමාගේ රජය, ත්‍රිවිධ හමුදාව සහ අපගේ සහයෝගය ඇතිව LTTE සංවිධානය මුළුමණින්ම පරාජය කිරීමට සමත් විය. LTTE ය පරාජය කිරීමේ මහඟු කාර්යයට කෘතඥතාවය දැක්‌වීමක් වශයෙන් 2010 ජනාධිපති මැතිවරණයේදීද අප ඔබතුමාට අපගේ වටිනා ඡන්දය ප්‍රදානය කළෙමු.
1980 දශකයේ මුල් භාගයේදී නැවතත් ඉන්දියාවේ අගමැති ධුරයට පත්වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය සහ ඇගේ ඇවෑමෙන් අගමැති ධුරයට පත් වූ රජීව් ගාන්ධි යන දෙදෙනාම ලංකාවේ LTTE ත්‍රස්‌තවාදය ව්‍යාප්ත කිරීමට බොහෝ රුකුල් දුන් බව රහසක් නොවේ. රජීව් ගාන්ධි ඝාතනයෙන් පසුව ඉන්දියාවේ අගමැති ධුරයට පත්වූ ආචාර්ය මන්මෝහන් සිං (Oxford Educated) මහතා ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට පසුබට විය. මෙම පසුතලය මධ්‍යයේ ඔබ තුමාට LTTE ය විනාශ කිරීමට හැකිවිය.
නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ පරිත්‍යාගයෙන්, ඉවසීමෙන් හා පටිය තදකරගෙන ජීවත්වන ලෙස ඔබතුමා පොදුජනතාවගෙන් එකල ඉල්ලා සිටිය බවත්, යුද්ධය නිමාවෙන් පසු සාමයේ ප්‍රතිලාභ (Peace Dividend) පොදු මහජනතාවට බෙදා දෙන බවත් ඔබතුමා පැවසූ බවත් අවධාරණයෙන් සිහිපත් කළ යුතුව තිබේ.
ඔබතුමා 2005 ජනාධිපතිධුරයට පත්වන විට ලංකාවේ පොදු ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සහ අනෙකුත් අත්‍යාවශ්‍ය බඩුවල එකල පැවැති මිල ගණන් මෙහි පහත වම්පැත්තේ සඳහන් කර ඇත.
හාල් 1 kg රු.35/-
සීනි 1 kg රු.55/-
මුං ඇට 1 kg රු.80/-
කඩල 1 kg රු.80/-
පරිප්පු 1 kg රු.70/}
පිටි - තිරිඟු 1 kg රු.35/-
පාන් රු.20/-
කිරිපිටි යොදය නැති 400 ට රු.170/}
බනිස් ගෙඩිය රු.15/}
පෙට්‍රල් ලීටර් 1 ක් රු.67/10
ඉහත සඳහන් ද්‍රව්‍යවල වර්තමාන මිල ගණන් (2013 සැප්( මුල් සතියේ) මෙහි පහත පළකර තිබේ.
හාල් 1 kg රු.65/}
සීනි 1 kg රු.96/}
මුං ඇට 1 kg රු.260/}
කඩල 1 kg රු.240/}
පරිප්පු 1 kg රු.140/}
පිටි - තිරිඟු 1 kg රු.95/}
පාන් රු.55-60/}
කිරිපිටි යොදය නැති රු.425/}
බනිස් රු.25/}
පෙට්‍රල් ලී 1 ක් රු.162.10/}
සහල් හැර ඉහත සඳහන් අනෙකුත් ද්‍රව්‍යයන් සියල්ලක්‌ම පාහේ පිට රටින් ආනයනය කරන ද්‍රව්‍යයන්ය. ඒවායේ මිල සමහරක සියයට 100 කින්ද සමහර බඩු සියයට 150 කින්ද සමහර බඩු සියයට 250 කින්ද වැඩිවී ගොස් ඇති බැව් පෙනේ. එයට ප්‍රධාන හේතු 2 ක් තිබේ. එනම් රුපියල ඇ. ඩොලරයට සාපේක්‍ෂක බාල්දු වීම
අසීමිත ලෙස ඔබගේ රජය විසින් බදු අය කිරීම.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 65% ක් පමණ දුප්පත්ය. ඒක පුද්ගල ආදායම ඇමෙරිකා ඩොලර් 1500 ට අඩුය. ඔබගේ මහ බැංකුවේ සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වැරදිය. 65% ක් කියන්නේ 21,000,000 x 65 = 100 13,650,000 ක් පමණ පොදු ජනයා කුසට සුදුසු ආහාරයක් නොමැතිව ජීවත් වෙති. ඉස්‌සර මෙම ප්‍රමාණය 50% ක් පමණය. මෙම වැඩිවීමට හේතුව ඉස්‌සර මධ්‍යම පන්තිය සහ පහළ මධ්‍යම පන්තිය කියා කොටස් දෙකක් තිබිණි. ඒ කොටස් දෙකම දැන් ඔබගේ පාලන සමයේ දුප්පත් ගොඩට වැටී ඇත.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය නම්, තම ජීවිතය පරදුවට තබා දුප්පත් ලංකා පුරවැසියන් ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල්වලට සංක්‍රමණය වීමට උත්සාහ දරයිද? 1960 දශකවල ඉන්දියාව බොහෝ දුප්පත් රටක්‌ව පැවතුන බැවින් ටැමිල් නාඩුවේ ප්පත් ජනතාව එකල "කල්ලතෝනින්" හැටියට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ බව ඔබ නොදන්නෙහිද? අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්‌වාධීනත්වය ගිලිහී ගොස් ඇති නිසා එම ආයතන ගැන මහජන විශ්වාසය බිඳී ඇත. තවද ශ්‍රී ලංකා මහ බැංකුව, ජන ලේඛණ සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ කොටස් වෙළෙඳ පොළ අර්බුද තත්ත්වයකට පත්වී තිබේ. කොටස් වෙළෙඳපොළ කඩාවැටී ඇත. එයට පත්කර ඇත්තේ පල්හොරුන්වය.
රටේ අර්බුද එන්නම එන්නම උග්‍රවෙමින් තිබේ. මේ පිළිබඳව බුද්ධිමත් ජනතාව දැනුවත් කිරීම පිණිස මෙසේ ලියා තබමි.
ශ්‍රී ලංකාවේ මෙහෙම වෙන්නේ ඇයි?
2013-10-04T07:44:00+05:30
Janith
local|Local news|