පසුගිය පළාත් සභා මැතිවරණ පරාජයෙන් පසුව එජාප ප්‍රබලයින් කිහිපදෙනෙකු තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල කිරීම නිසා ඔහු සිය ආසන සංවිධායක ධුරය හැර ගිය බවට තොරතුරු වාර්තා වෙයි.
ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා පත්කෙරුණු මැතිවරණ මෙහෙයුම් කමිටුවට සහභාගි වීම තිස්ස අත්තනායක මහතා ප්‍රතික්ෂේප කර තිබිනි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා ඇතුළු ප්‍රධානීන් විසින් තිස්ස අත්තනායක මහතාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විවේචනාත්මක අදහස් ඉදිරිපත් කර ඇත.
මේ අතර ලක්ෂමන් කිරිඇල්ල සහ රවී කරුණානායක යන මහත්වරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාප සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතා කලකිරීමෙන් සිටින බවද වාර්තා වන අතර මේ හේතුවෙන් තිස්ස අත්තනායක මහතා මැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනිමේ ක්‍රියාවලියෙන් ද ඉවත් වී සිට ඇත. ඒ හේතුවෙන් වයඹ සහ මධ්‍යම පළාත් සභා සඳහා තෝරා ගැනුණු අපේක්ෂකයින්ගේ නාමලේඛනයට අත්සන් තැබීමට පවා තිස්ස අත්තනායක මහතා කාර්යාලයට පැමිණ නොමැති අතර එම ලැයිස්තු සිය නිවසට ගෙන්වා අත්සන් තබා ඇතැය දැනගන්නට ඇත.