වව්නියාව, ඇටඹගස්කඩ ප්‍රදේශයේ ළමා නිවාසයකදී 9 හැවිරිදි පිරිමි ළමයෙකු අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින්ගෙන් අද දිනයේ ප්‍රකාශ සටහන් ලබා ගන්නා බව යි.
මේ අතර, එම ළමා නිවාසසේ සිටි අදාළ දරුවා ඇතුළු ළමුන් 22 දෙදෙනෙකු ළමාරක්ෂක අධිකාරිය භාරයට ගැනීමෙන් අනතුරුව ඊයේ කොළඹට රැගෙන විත් ඇති බව ද පොලිසිය පැවසීය.
එම ළමුන් 22 දෙනා අතර අපයෝජනයට ලක්වූ තවත් ළමුන් සිටීදැයි සෙවීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.