ඊයේ දින බදුල්ල නගරයේදී බදුල්ල පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකසහිත කාන්තාවන් දෙදෙනෙක් පරික්ෂාවට ලක්කිරීමේදී එක් කාන්තාවක් සන්තකයේ තිබී හෙරෝයින් ග්රෑම් 04ක් හා අනෙක් කාන්තාව සන්තකයේ තිබී හෙරෝයින් ග්රෑම් 38ක් සොයාගෙන ඇත.
මෙම සැකකාරියන් දෙදෙනා පාදුක්ක ප්‍රදේශයේ පදිංචි කාරියන් වන අතර මෙම සැකකාරියන් බදුල්ල, වැලිමඩ යන ප්‍රදේශ වලට හෙරොයින් බෙදාහරින බවට තොරතුරු ලැබී ඇත.
මොවුන් දෙදෙනා අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බදුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි .