පුත්තලම සිරම්බිඅඩිය, සින්නගාවිල්ලූව ප‍්‍රදේශයේ කාන්තාවන් විසින් තවත් කාන්තාවන් දෙදෙනෙකුට අතින් පයින් පහර දී පිහියකින් කපා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇති කාන්තාවන් දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලබා රෝහල්ගත කර ඇති නිරෝෂා යන අය පදිංචි නිවසට යාබද නිවසට සැකකාරිය පදිංචිව සිට ඇත. මුලින්ම සැකකාරිය ස්විනීතා යන අයගේ නිවසට පැමිණ ඇයට අතින් පයින් පහර දී තම අත තිබූ පිහියකින්ද පහරදී ඇත.
සිද්ධියට මුහුණ දුන් කාන්තාවගේ කෑ ගැසීම අසා එම ස්ථානයට පැමිණ ඇති නිරෝෂා යන අයටද සැකකාරිය අතින් පයින් පහරදී පසුව අත තිබූ පිහියෙන් පහරදී ඇති බව මූලික පරීක්ෂන වලින් අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
පෙර අමනාපයක් මත මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.
සැකකාරිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.