-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනතාවට සත්‍ය වසන් කරමින් ආණ්ඩුවට කඩේ ගිය නැඟෙනහිර චීනයේ රූපවාහිනී නාලිකාවකට ජනතාව පසුගියදා පහරදුන්නා

නැගෙනහිහිර චීනයට පසුගියදා බලපෑ චන්ඩමාරුතය නිසා 80,000ක් පමණ ජනතාව අවතැවුණු අතර ජනතාව පවසන්නේ ප්‍රදේශයෙන් 70%ක් පමණ තවමත් තිබෙන්නේ ජලයෙන් යටවී බවයි.

නමුත් මෙම Ningbo TV රූපවාහිනී නාලිකාව ජනතාවගෙන් සත්‍ය වසන් කරමින් ගංවතුරින් යටවූ ප්‍රදේශ වලින් 80%ක් යහපත් බවත්, ජනතාව ඔවුන්ගේ නිවාස වලට ගොස් සාමාන්‍ය ලෙස කටයුතු කරන බවටත් වාර්තා කර තිබුණා.

ප්‍රදේශයේ ජනතාව තවමත් සිටින්නේ ආහාර, විදුලිය හා පානීය ජලය නොමැතිව වන අතර මෙම වාර්තා කිරීම නිසා ඔවුන් ඉමහත් කෝපයට පත්ව තිබෙනවා. එම නාලිකාවට අයත් චන්ද්‍රිකා රූපවාහිනී වෑන් රථ පෙලක් වටකර මෙම පහරදීම සිදුකර ඇති අතර එතැනට පැමිණි පොලිස් රථයකටද පහරදී පෙරලා දමා තිබුණා.

චීනය විසින් රජයට අවාසිසහගත පුවත් වාර්තා කිරීම වලකා තිබෙන නිසා බොහෝ රූපවාහිනී නාලිකා ජනතාවගෙන් සත්‍ය වසන් කරමින් රජයට වාසිසහගතව පුවත් පලකිරීමට පෙලඹී තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week