-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය සහ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ඉතාලි ජාතික කාන්තාවක් ව්‍යාජ ලෙස විවාහ කර ගැනීමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු බ්‍රිතාන්‍ය ආගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
23 හැවිරිදි එම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට පත්ව ඇත්තේ, බ්‍රිතාන්‍යයේ හැරෝහිදී ය.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ වීසා කාලය අවසන් වී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ය.
අදාළ ශ්‍රී ලාංකිකයා සිය වීසා දීර්ඝ කර ගැනීම සහ පුරවැසිභාවය ලබා ගැනීමේ අරමුණෙන් විවාහ කර ගැනීමට උත්සහ දරා ඇත්තේ, 21 හැවිරිදි ඉතාලි තරුණියකි.
බ්‍රිතාන්‍ය ආගමන නිලධාරීන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉතාලි තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එය ව්‍යාජ විවාහයක් බව හෙළි වී ඇත.
බ්‍රිතාන්‍ය ආගමන දෙපාර්තමේන්තුව පවසන්නේ, ව්‍යාජ විවාහ හරහා වසරකට පුරවැසිභාවය සඳහා අයදුම්පත් 5000ක් පමණ ලැබෙන බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos