-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකාවේ බෙන්ස් බලයලත් බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩිමෝ) විසින් නවතම මර්සිඩීස් බෙන්ස් S පන්තියේ මෝටර් රථය පසුගියදා මෙරටට හඳුන්වා දෙනු ලැබුණි.
නවතම ඉංජිනේරුමය ප්‍රමුඛතාවයන් වන විශිෂ්ට ධාවනය, ඵලදායී තාක්ෂණය සහ සුඛෝපභෝගීත්වය පිළිඹිබු කරමින් මෙම බෙන්ස් S පන්තියේ මෝටර් රථ, මර්සිඩීස් බෙන්ස් සඳහා පමණක් නොව සමස්ථ රථවාහන සංවර්ධන ක්ෂේත්‍රයේම තාක්ෂණික වශයෙන් ඉදිරියෙන් සිටිනා නිෂ්පාදනයක් බව එම සමාගම පවසයි.
මෝටර් රථ විද්‍යුත් ආලෝකකරණය හඳුන්වාසී දස වසරකට පමණ පසු මර්සිඩීස් බෙන්ස් සම්පූර්ණ වශයෙන්ම LED තාක්ෂණය දෙසට නැඹුරුවීමට ආරම්භ කර තිබේ. ඒ අනුව අභ්‍යයන්තරයේ හෝ පිටත කිසිඳු ආලෝක බල්බයක් නොමැති ලොව එකම මෝටර් රථය මෙම නව S පන්තියේ මෝටර් රථය වේ.
මීට අමතරව, අංශක 360කින් යුත් සෑම දෙසටම විහිදුවිය හැකි දෘශ්‍යතාවයක් සහ මාර්ගයේ පවතින අනතුරුදායක අවස්ථාවන් හඳුනාගත හැකි ක්‍රමවේදයක්ද මෙහි පවතින අතර, මාර්ගය ඉදිරියේ පවතින ගැස්සීම් ආදිය හඳුනාගත හැකි වන සේ නිර්මාණය වුණු ලොව ප්‍රථම මෝටර් රථයද මෙය වේ.
පසුපස ගමන්ගන්නා මගීන් හටද පළමු පන්තියේ අත්දැකීමක් විඳීමට හැකි අතර, උසස්ම සුවිශේෂ තාක්ෂණයෙන් යුත් සුවිශේෂී Burmester Surround ශබ්ද පද්ධතියෙන් යුත් ඉහළ තත්ත්වයේ ශ්‍රව්‍ය පද්ධති දෙකක් හා Burmester ඉහළ තාක්ෂණයේ 3D ශබ්ද පද්ධතිය ආදියෙන්ද මේ මෝටර් රථය සමන්විත වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos