-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාන්තාවන්ට නිරුවත පෙන්වීම සිරිතක් කරගෙන සිටි පුද්ගලයකු තිරප්පනය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී වස පානය කිරීම හේතුවෙන් රෝගාතුර වී ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.


මේ සැකකරු 50 හැවිරිදි තිදරු පියෙක් වන අතර ඔහුගේ දරුවන් විවාහ වී සිටින බව ද පොලිසිය පවසයි.තිරප්පනය වෙට්ටම්කුලම හිඳෝගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී වස පානය කළ බව පොලිසිය පවසයි.

බොහෝ කලක සිට සැකකරු ඔහුගේ නිවෙසට යාබද නිවෙසේ පදිංචි තරුණ විවාහක කාන්තාවට නිරුවත පෙන්වීම පුරුද්දක් කරගෙන ඇති බව කියන පොලිසිය ඔහු ස්නානය කරන විටදීත් අසල්වැසි කාන්තාවට පෙනෙන ලෙස නිරුවතින් සිටින බවද පොලිසිය පවසයි.

මේ පුද්ගලයා දිගින් දිගටම අශෝභන ලෙස හැසිරීම නිසා එම කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉකුත් 27 වැනිදා රාත්‍රීයේ ඔහු අත්අඩංගුවට ගැනීමට නිවසට ගිය අවස්ථාවේ කෘමි නාශක බෝතලයක් රැගෙන පානය කිරීමට සැරසෙද්දී පොලිස් නිලධාරීන් වහාම එය උදුරා ගැනීමට උත්සහ දරා ඇත.

ඒ අවස්ථාවේ සැකකරුගේ මුහුණේ සහ සිරුර පුරා කෘමි නාශක විසිරීම නිසා කෘමි නාශක ශරීරගත වූවේදැයි ඇති වූ සැක මත ඔහුව මරදන්කඩවල රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

පසුව සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos