සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය එක්ව අරඹන ලද ජාතික විස නිවාරණ සතිය ඊයේ ආරම්භ වූ අතර, නොවැම්බර් 3වැනිදා තෙක් එය ක්‍රියාත්මක වේ.
දෛනිකව වස විස ශරීරගත වීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල්ගතවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බැවින් ජාතික විස නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් දී තිබේ.
ජාතික රෝහලේ ඉවත දමන ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ල එක්රැස්කර මධ්‍යම පරිසර අධිකාරිය වෙත භාර දීම ජාතික විස නිවාරණ සතිය ආරම්භ කැරුණු ඊයේ දිනයේ සිදුකැරිණි. මධ්‍යම පරිසර අධිකාරිය මැලේසියාව හා චීනය වැනි රටවල් සමඟ සාකච්ඡා කර අප රටේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එම රටවල ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ආරම්භ කැර තිබේ. එමෙන්ම ජංගම දුරකථන සේවා සපයන සමාගම් සමඟ සාකච්ඡා කර ඉවතලන ජංගම දුරකථන සහ උපාංග ඔවුන්ගේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවල දී විනාශ කිරීමට ද කටයුතු යොදා ඇත. මේ නිසා කාර්මික අපද්‍රව්‍ය විනාශ කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම අත්‍යවශ්‍යව ඇතැයි එම නිලධාරීහු අවධාරණය කරති.
විස ශරීරගතවීම හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයන් 120,000ක් පමණ රෝහල්ගත කැරෙති. එමෙන්ම පුද්ගලයන් 1000 -1500 අතර ප්‍රමාණයක් මරණයට පත්වෙති. වස විස ශරීරගතවීමෙන් රෝගී වන්නන් අතුරින් බහුතරය එනම් 55,000 - 60,000 අතර ප්‍රමාණයක් පළිබෝධ නාශක විසවීම නිසාත්, 20,000ක් පමණ ඖෂධ විසවීම සහ විවිධ විස පැළෑටි වර්ග සියදිවි නසා ගැනීමට යොදාගැනීම නිසාත් බරපතළ සංකූලතාවන්ට ලක් වේ. සර්පයන් දෂ්ඨ කිරීම නිසා වාර්ෂිකව 40,000 - 45,000 අතර ප්‍රමාණයක් රෝහල්ගත වේ. ඖෂධ මෙන්ම පළිබෝධ නාශක ළමයින්ට පහසුවෙන් ලබාගත හැකි ස්ථානවල තැබීම නිසා ළමයින් අතර හදිසි විසවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇත. වර්තමානයේ කාර්මීකරණයත් සමඟ බැහැර කරන කාර්මික අපද්‍රව්‍ය විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ හේතුවෙන් බරපතළ ලෙස ආහාර, ජල, වායූ සහ පාංශු දූෂණ මඟින් පුද්ගලයන් රෝගාබාධවලට ගොදුරුවීම ඉහළ ගොස් ඇත. තත්ත්වයෙන් බාල ඉලෙක්ට්‍රොනික උපකරණ බහුල වශයෙන් මෙරටට ගෙන්වීම නිසා කෙටි කාලයක දී ඒවා අක්‍රීයවීම නිසා පරිසරයට මුදාහරිනු ලබයි. එසේ මුදාහරින ඉලෙක්ට්‍රොනික උපකරණවල මිනිසාට අහිතකර බැරලෝහ වන කැඩ්මියම්, ඊයම්, රසදිය, තුත්තනාගම් වැනි බැර ලෝහ අන්තර්ගත වේ. ජංගම දුරකථනයෙන් ඉවතලන බැටරියකින් ජල ලීටර් 30,000ක් දූෂණය වන බව විද්‍යාඥයන්ගේ මතයයි. එමෙන්ම පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, ජංගම දුරකථන සහ වෙනත් විද්යුත් උපකරණ බහුල වශයෙන් පරිසරසට එකතු කරන කාර්මික අපද්‍රව්‍ය වේ.
ජාතික විස නිවාරණ සතිය අරඹමින් ජාතික රෝහලේ කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා, විස තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය වරුණ ගුණතිලක මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.