ආශ්චර්යයේ විහිදුම් සේලය ලෙසින් පෙරේදා (27) විවෘත කළ කටුනායක අධිවේගී මාර්ගයේ 27දා පස්වරු 6 සිට ඊයේ (28) පස්වරු 6 දක්වා රථවාහන 19,000ක් ගමන් කර ඇත. ගත වූ පැය විසිහතරක කාලය තුළ ලබා ඇති ආදායම රුපියල් ලක්ෂ 58කි.
මෙරට ඉදි වූ දෙවන අධිවේගී මාර්ග වු කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් 27 වනදා ජනතා අයිතියට පත් කළ අතර සවස 6.00 සිට මහජනතාවට විවෘත කෙරිණි.
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට කටුනායක දක්වා මෝටර් රථ, ජීප්, කැබ් වැනි සැහැල්ලු මෝටර් වාහනයක් ඇතුළු කිරීම සඳහා රුපියල් 300ක මුදලක්ද ආසන 9ක් සහිත මගී ප්රවාහන වෑන් රථ සහ ආසන 9 සිට 33 දක්වා වූ බස් රථ සඳහා පෑලියගොඩ පිවිසුමේ සිට ජා-ඇළ දක්වා රුපියල් 350ක් ද ජා-ඇළ සිට කටුනායක දක්වා රුපියල් 300ක් ද පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 450ක් ද අය කෙරේ.
ආසන 33 වැඩි බස් රථ, ඇක්සල් දෙකේ රෝද 6ක් සහිත ලොරි රථ සහ ඇක්සල් 3ක් සහිත ට්රක් රථ (කිලෝ 17000ට වැඩි) සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 600ක් ද, පෑලියගොඩ ජා-ඇළ දක්වා රුපියල් 400ක් ද ජා-ඇළ සිට කටුනායක දක්වා රුපියල් 300ක් ද අය කෙරේ.
එකට ඈඳූ මෝටර් කෝච් දෙකක් සහිත බස් රථ, ඇක්සල් 2ක් සහිත බස් රථ, ඇක්සල් 4ක් හෝ ඊට වැඩි සියලුම රථ සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 800ක් ද, පෑලියගොඩ සිට ජා-ඇළ දක්වා රුපියල් 600ක් ද ජා-ඇළ සිට කටුනායක දක්වා රුපියල් 300ක් ද අය කෙරේ.